Alone To The Infinity Of Love

Alone To The Infinity Of Love

Share

ආදරය,ඇය හමුවීම,සැනසීම,ජීවිතය...ඇයම දුන් ජීවිතය..ඇයම විදින අපූරුව..💜️🖤💝

13/07/2023

"වචනයක් වූව ...
ඉකිබිදුමක් ගෙනෙන..
ප්‍රේමය...
තිබුනයැයි මහ මෙර
තරම් කීවද....
කමා වී මට
කියනු සොදුරිය...
හද පාරවන හැගුමද..
ඔබ කියන ප්‍රේමය ...."
ජනිසුරු ✍️

18/02/2023

♂️සුමුදු හැඟුමක ස්වේත ස්වරය.....♀️
"""""""""""""""""""""""""""""""""""""""
"සුවඳ ඇතුරූ....
රෝස සයනෙක...
වඩා හිඳුවා තුරුලු කරගෙන..
ගෙවන්නම් මිහිමඬල
සෙලවෙන.....
තරම් වූ ආදරය කැටිකර..

රිදුම් දුන් එක් වරෙක ගත මුව...
පසෙක් කර වේදනා ඇරඹුම..
නිමා කරමින් ශ්වේත රැය තුල..
පහස දෙන්නම් ආදරේ සුව...

දෙතොල් මත රැඳී හාදුවේ සුව..
ගෙනෙන රුදිරයේ උනුහුමේ ඝන..
දැවටෙනා අත් දෙවුර වට කර..
කිමිදුනා රස රහස් විල තුල...

හැගුම් තෙරපුන රාගයේ ගිනි..
පුපුරු නැංවූ ආදර් මුදු...
සුමුදු හැඟුමක සුවය කැන්දන..
වෙලුන ගැඹුරෙම හැගුම්පිටකර."
-----------------------------------
#ජනිසුරු #✍️💜️🖤💝

18/02/2023

#ජීවිතය ආදරය #සැනසීම🌿
:::::::::::::::::::::::::::::::::::::::::
"පායපු හඳට...
මං හඬාපු කතාව...
කීව වාර අනන්තයි...🌕

ඒත්..
එක අමාවක රැයක...🌑
අසරණ උනා...
නැතිව අසන්නට කෙනෙක්..
සඳ විලස...

රිදුම් වෙන දිවියක..🌵
කොටස්කරුවෙකු වූ මම..
කෙසේ කියන්නද..
ඇයට මාව අන්සතු කෙනෙක්..
වූ කළ....🌱

පදනම් විරහිතව..
බැඳුණු ආදරය..ගලන විට..🍂
කම්කටොලු නදියේ කෙළවර..
ඇය සිටියා මා එනතුරු...
ජීවිතයට..සැනසීම රැගෙන..💐

ජීවිතය තුරුල් කොට...
ආදරය කියා දුන්...
මගෙ #චූටිමැනික #🦚
ආදරෙයි හැමදාමත්...
සාගරය තරම් ...මම.."
ඔයාගෙම 'සූ'🌹
------------------------------------
#ජනිසුරු #✍️🖤💜️💝

02/02/2023

"උණුසුම් වෙන රාත්‍රියක..
නැති මුත් ඔබේ පහස..
සිත ළඟ දනුන සුවදට...
හදවතින් පෙම් කරමි..
මම.....

ආයාලයේ ගිය සිතට..
හව් හරනක් උනා නුබ..
ආදරේ පද වැල් ගැලපූ නුබම..
මත් කරා මා සිත..
සින්නක්කරම තුරුල්කර...
ජීවිත ආදරයට ...
නැතුවම බැරි වූ කල...
මට මහ මෙරක් නුබේ
ආදරය..

නිතැතින්ම කිතිකවන ...
මගේ හදවත.....
නුබට බාරයි ..
සොදුරිය...
මියෙන තුරු..
රකින්නම් ...
ඔබ මට දුන් ආදරය..."
----------=----------------=--------
#ජනිසුරු # ✍️🖤💜️

26/01/2023

☯️🔘♠️♣️♦️♥🃏
"ජීවිතය පිනවූ..
ආදරයම වේය ..
නුඹ....
රසබර තැන්ම..
උරුමකරමින්...මා
ආදරයෙන්ම බැඳ දැමූ වේ..
නුඹමය...
නුඹටම විතරක්.ඇබ්බැහි වූ..
මා....
නිතර නුඹට කියන්නේ...
'මට නුඹ නැතිව සිටිය නොහැකිය.'..
ඉදින් නුඹේ සරලම..කෙටිම පිළිතුර..
'ඉතින් ඉන්න එපා..'
ඒ නුඹ පවසන්නේ...
කිසිදා මා....
තනි නොකරන බව...
නොවේද..."💝
-----------------------------
"මිනිස්සු..ආදරේ වැඩිම තැන් පෙන්නුවේම..අමුතුම වචන වලින්..."😶‍🌫️❤️‍🔥
______________________
👥 #ජනිසුරු✍️

26/01/2023

හිත..♟️
"එක තැනක නැති...
එහේ මෙහෙ දුවන..
මුරණ්ඩු කම් කරන...
දඟ කරන...
අවනත නැති හිත...
නුඹ ගැනම හිත හිත..
නුඹ කෙරෙහිම...
බැඳ දමා තැබීමත්..
භාවනාවක්. නොවේද..."
-----------------------------
නුඹ ගැන සිතීමත්...
නුඹට ආදරේ කිරීමත්...
මට නිසැකවම..භාවනාවක්..

________________________
~~~~~~~~~~~~~~~~~~~~~~`´
✒️ #ජනිසුරු # ✍️📍❤️💜️🖤

25/01/2023

"අඳුරු සෙවනැලි වැටෙන විට...
අපේ සොදුරු ආදරයට...
වැඩි උනිද..මන්දා..
අප ආදරය කල තරම...
නොනිදා නුබ ගැනම සිත සිත..
නුඹද මමද ...පහන් කල රැයවල්.
අපමණය....
මගෙ පපුව...තුලට මූන...
හොවාගන්නට...නුබට අවැසි වූ වාර අනන්තය...මාගේ දැතට හිස තියන්...රැයවල්..
ගෙවිමට නුබ ඉල්ලූ වාර අනන්තය...
ඒ හැමදේම උරුම කර...
අවසන...නුඹට ඇති වුනිද...
ගතින් ලංවී සිටියද...
නුබේ සිත දුර ගමනකද...
නැත....
මා උන්මත්තක වී ඇත...
ඒ මාගේ සිතය...
සුලු දේකින් පවා සසැලෙන..
මාගේම දුර්වල සිතය...
ඒ කුමක් නිසාවත් නොව..
සොදුරිය....
අසීමිතව...නුඹට ආදරය කරන නිසාමය...."
ආදරෙයි..මේ ලෝකේ හැමදේටම වැඩිය...ඔයාගෙම zuu ..
✒ #ජනිසුරු #✍️🖤💜️

24/01/2023

"සීත වැහි පොද..
පතිත වෙද්දී..
මගේ පපුවට..
නුඹ එබෙද්දී....
ආදරේ නෑසූ
කතාවන්...
රාගයෙන් මත් වී
සොයද්දී..
සිතැගි ගුලිකර...
සඟවා ගන්නම්...
උරුම මෙදවස්...
ගෙවී යනකල්...
අනෝරා වැහි
වැටෙන දවසක්..
යලිදු අප වෙත ..
එතැයි සිතමින්..."
✒️ #ජනිසුරු...✍️💜️🖤

Category

Website

Address


Kurunegala
60000