Glow daily
Healthy body, glowing skin ❤️
28/07/2026
ඔයා පාවිච්චි කරන Face Wash එක ඔයාගේ Skin Type එකට හරියටම හරියනවද? 🤔
වැරදි Face Wash එකක් පාවිච්චි කරන නිසා තමයි සමහර වෙලාවට මුහුණ තෙල්, වියලි වෙන්නෙ 😭
මෙන්න තත්පර 5න් දැනගන්න ඔයාට හරියන Face Wash මොකක්ද කියලා 👇
1️⃣ GEL FACE WASH - තෙල් සහිත සමට OILY SKIN
තෙල් පාලනය කරනවා + Pores clean කරනවා
2️⃣ CREAM FACE WASH - වියලි සමට DRY SKIN
Moisture දෙනවා + Soft කරනවා
3️⃣ FOAMING FACE WASH - මිශ්‍ර සමට COMBINATION SKIN
Blackheads අඩු කරනවා + Balanced තියනවා
4️⃣ HYDRATING FACE WASH - සංවේදී සමට SENSITIVE SKIN
Redness අඩු කරනවා + Dewy Glow එකක් දෙනවා
Morning: Oil + Sweat ඉවත් කරන්න gentle wash එකක්
Night: Makeup + Dirt + SPF ඉවත් කරන්න wash එකක්
ඔයා මොන Face Wash එකද පාවිච්චි කරන්නේ? Comment කරලා කියන්න 👇
Save කරගන්න පස්සේ බලන්නත් එක්ක 📌
11/07/2026
ජීවිතේ සාර්ථක කරගන්න "5M" Control කරගන්න ✨
අපේ ජීවිතේ දියුණුව හෝ පිරිහීම තීරණය වෙන්නේ ලොකු දේවල් වලින් නෙවෙයි. දවස ගානේ අපි Control කරන පොඩි පුරුදු 5න්.
1. MOUTH - කට 👄
"Speak less, listen more" - කතා අඩුයි, අහන්නේ වැඩියෙන්
අනවශ්‍ය කතා, බණින එක, බොරු කියන එක නැවැත්තුවොත් අපේ ගෞරවය 10 ගුණයකින් වැඩි වෙනවා. හොඳ Listener කෙනෙක් වෙන්න.
2. MIND - හිත 🧠
"Think before you act" - වැඩක් කරන්න කලින් හිතන්න
කේන්ති යනකොට, තීරණ ගන්නකොට 10 තත්පරක් නවතින්න. නොහිතා ගන්නා තීරණ වලින් 90% ම වැරදෙනවා.
3. MOOD - මනෝභාවය 😊
"Stay calm, stay positive" - සන්සුන්ව, Positive වෙන්න
ඔයාගේ Mood එක අනිත් අයට නෑ. ප්‍රශ්න හැමෝටම තියෙනවා. හැබැයි ඒ මැද හිනාවෙන් ඉන්න පුළුවන් අය තමයි ජයගන්නේ.
4. MONEY - සල්ලි 💰
"Save more, spend wisely" - ඉතුරු කරන්න, බුද්ධිමත්ව වියදම් කරන්න
ආදායම වැඩි කරගන්නවට වඩා වැදගත් වියදම Control කරන එක. "ඕන" සහ "අවශ්‍ය" කියන දෙකේ වෙනස තේරුම් ගන්න.
5. MANNER - හැසිරීම 🤝
"Respect others, earn respect" - අනිත් අයට ගරු කරන්න, ගරුත්වය දිනාගන්න
ලොකු පොඩි බලන්නේ නැතුව හැමෝටම ගරු කරන්න. ඔබේ Manner එක තමයි ඔබේ Brand එක.
මේ 5න් එකක් හරි අද ඉඳන් හදාගමු.
ඔයාට දැන් වැඩිපුර Control කරගන්න ඕන "M" එක මොකක්ද? Comment එකකින් කියන්න 👇
#පුරුදු
22/06/2026
මේ දවස් වල Virus උණ/සෙම්ප්‍රතිශ්‍යාව හැම ගෙදරම...
බෙහෙත් ගන්න කලින් අම්මලා අපේ ගෙදර කරන "ගෙදර බෙහෙත්" 8ක් මෙන්න 👇
ගෙදරම හදාගන්න පුළුවන් දේවල්:
උණු බීම - ඉඟුරු තේ, සුප්, කැඳ. වතුර බොන්න අමතක කරන්න එපා 💧
ඉඟුරු + ගම්මිරිස් කෂාය - දවසට 1-2 පාරක්. කැස්සට නම් සුපිරියි
කහ කිරි - රෑට උණු කිරි වලට කහ මේස හැඳි 1/4. නිදිත් එනවා, උණත් අඩු වෙනවා 🥛
මී පැණි + දෙහි - උණු වතුරට. අවුරුදු 1ට අඩු ළමයින්ට මී පැණි එපා කියල මතක තියාගන්න
වාෂ්ප ආඝ්‍රාණය - නහය පිරිසිදු වෙනවා, හුස්ම ගන්න ලේසි වෙනවා
ලුණු වතුරෙන් උගුර සෝදනවා - උගුරේ අමාරුවට
හොඳට නිදාගන්න - Rest එක තමයි ලොකුම බෙහෙත් එක 😴
සැහැල්ලු කෑම - කැඳ, පලතුරු, සුප්. Junk Food නෑ.
Doctor කෙනෙක්ට පෙන්නන්න ඕන වෙලාව:
⚠️ උණ දවස් 3ට වඩා තියෙනව නම්
⚠️ හුස්ම ගන්න අමාරු නම්
⚠️ ළමයි, වැඩිහිටියෝ, ගර්භනී අය වගේ High-Risk කෙනෙක් නම්
Share කරගන්න. කාට හරි උදව්වක් වෙයි.
මේ දවස් වල ඔයා බොන "ගෙදර බෙහෙත" මොකක්ද? 👇
Stay safe, Stay healthy 💛
21/06/2026
ටිකක් දවසක් මෙහෙ නැතුව හිටියනේ...
ඇත්තටම මේ යන උණ-කැස්ස Virus එක මටත් අහුවුනා... 😅
Phone එක අල්ලන්නවත් බැරි තරම් ඇඟට අමාරුයි.
හැබැයි දැන් පොඩ්ඩක් හොඳයි. ඉතින් ආපහු ආවා.
Page එක පාලු කරලා දාන්න බෑනේ. ඔයාලා ඉන්න නිසා නේද මේක තියෙන්නේ 💛
ඉතින් අද ඉඳන් ආපහු පටන් ගමුද?
16/06/2026
✨🤲 ඇඟිලිවල කළු පැහැය අඩු කරගෙන ස්වභාවිකවම ලස්සන කරගමු! 🤲✨
ගෙදර තියෙන සරල දේවල් කිහිපයකින්ම ඇඟිලිවල ඇති dark knuckles සහ uneven skin tone එක ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. 💛
🍋 ලෙමන් + සීනි Scrub
Dead skin cells ඉවත් කරලා සමට නැවුම් බවක් ලබාදෙයි.
🥛 කිරි + කහ Pack
සම පැහැපත් කරමින් ස්වභාවික glow එකක් ලබාදීමට උපකාරී වේ.
🧴 දිනපතා Moisturizer භාවිතා කරන්න සම තෙතමනයෙන් තබාගෙන වියළීම නිසා ඇතිවන කළු පැහැය අවම කරයි.
💡 ✔️ අත්වලටත් Sunscreen භාවිතා කරන්න
✔️ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න
✔️ නිරන්තරව care routine එක අනුගමනය කරන්න
🌸 මතක තබා ගන්න... ලස්සන ප්‍රතිඵල ලැබෙන්නේ එක දවසකින් නොවෙයි. Consistency තමයි රහස! 💖
🤍
16/06/2026
🌞 Good Morning 🌸
අද දවස ලස්සන වෙන්න හේතුවක් එනකම් ඉන්න එපා... ඔබම ඒ හේතුව වෙන්න.💛✨
15/06/2026
🌿☕ හෝමෝන සමතුලිතතාවයටත්, ලස්සන සමකටත් ස්වභාවික සහායකයෙක්! ☕🌿
දිනපතා කරන පුංචි පුරුද්දක් ඔබේ සෞඛ්‍යයට ලොකු වෙනසක් කරන්න පුළුවන්. 💚
Spearmint Tea 🌱
✨ හෝමෝන සමතුලිතතාවයට සහාය වෙයි
✨ සමේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට උපකාරී වෙයි
✨ බඩ පිපුම සහ අපහසුතා අඩු කිරීමට උදව් වෙයි
✨ ජීර්ණ පද්ධතියට හිතකරයි
✨ මානසික ආතතිය අඩු කර සැහැල්ලුවක් ලබා දෙයි
සාදාගන්නත් ඉතා පහසුයි! 🫖
නැවුම් Spearmint කොළ ටිකක් උණු වතුරට දමා මිනිත්තු 5-7ක් තම්බා පෙරා උණුසුම්ව රසවිඳින්න.
💚 ස්වභාවධර්මයේ සරල තෑග්ගකින් ඔබේ දවසට සුවදායක වෙනසක් එක් කරගන්න.
🌿✨
14/06/2026
☀️ සුබ ඉරිදා උදෑසනක්!
අද නම් Alarm එකත් නිවාඩු යවපු දවසක්... 😴😂
කෝපි එකක් අතට අරගෙන, වැඩ ගැන හිතන එක සඳුදාට භාර දෙමු!
🌸 අද දවසේ ප්‍රධාන වැඩේ: Relax වීම! 😌
☕😂🌿
13/06/2026
සතියේ මහන්සිය ටිකක් අමතක කරලා, හිතට සැනසීමක් දීලා, ලස්සන හෙට දවසක් බලාපොරොත්තුවෙන් නිදාගන්න. 🤍
සුබ රාත්‍රියක්! 😴🌙 💫
Category
Website
Address
Gampaha
11000