Girls Lover
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Girls Lover, Health/Beauty, colombo, Colombo.
26/07/2026
මං එයාව බැන්දෙ
එයාගෙ ගෙදර අයගෙ
දැඩි විරෝදතාව මැද්දේ....
මට වඩා
අවුරුදු හයක්ම
මගෙ මහත්තයා බාල එක
මට ප්‍රශ්ණයක් නොවුනත්
එයාලාට ඒක ප්‍රශ්ණයක් උනා....
කොල්ලා
වගකීම් ගන්න වයසක නෑ
ඔයාට ගැලපෙන කෙනෙක් හොයා ගන්න
ඔවුන් මුල සිටම
හිත් බිඳෙන වචන කිව්වා...
ඒ මොනවත්
අහන්නෙ නැතුව
මං එයාට
ආදරේ නිසාම
අපි කසාඳ බැන්දා...
කුලියට ගත්‍ත
ගෙදර
අපි දෙන්නා
කාලයක් ම
විනෝදෙන් ගතකරා....
එයාට විසි තුනයි
මට විසි නවයයි
කවුරු මොනවා කිව්වත්
අපි ආදරෙන් හිටියා...
විශල් මං ප්‍රෙග්නට්
මගෙ වයස
තව ගියොත්
ප්‍රශ්ණයක් වෙන නිසා
මං ම දරුවෙක් හදන්න තීරණය කරා...
අමාරුයි
අද උයන්න පුළුවන්ද
ඔහු ඒකට
අකමැති බව
ඒ මූණෙන් මට පෙනුනා....
මං ඉව්වොත්
එයා කෑවා මිසක්
මට කොයිතරම් අමාරු උනත්
තේ කෝප්පයක්
එයාට කියලා හදා ගන්න බැරි උනා....
මං ආය වැඩට යන්නෑ
මූණෙත්
තැලීම් එක්ක
ඔහු ආවේ
රංඩුවකට පැටලිලා කියලා
මට තේරුම් ගන්න පුළුවන් උනා....
මට අමාරුයි
තනියම බර අදින්න
මොකක් හරි
ජොබ් එකක් හොයා ගන්න
ක්‍රිකට් මැච් බල බල ඉන්න
ඔහුට කිව්වත්
ඔහු ඒකට අදි මදි කරා.....
දරුවා ලැබුනත්
බත් ටික කන්නවත්
ඔහු අතට
දරුවා දෙන්න
බොහොම අමාරු උනා...
කවුද ඒ කෙල්ල
කීප දවසෙ
කෙල්ලො එක්ක
ෆ්බ් එකේ චැට් කරලා මට අහුවුනා...
ත/මුසෙ මගෙ
අක්කද කියලා
කොල්ලො අහනවා
ලැජ්ජයි හලෝ
පස්සෙ පස්සෙ ඔහුට
අපෙ වයස් පරතරය ප්‍රශ්ණයක් උනා...
දරුවා බලා ගන්නෙත්
නැති වෙද්දි
මට මේ කසාඳෙ
බෙම්බත් වෙලා තිබුනා..
ඩේ කෙයා එකට
දරුවා දාලා
වැඩට ගිය මං
ඔහු කොල්ලො එක්ක
විනෝද වෙන හැටි
දැකලා කේන්ති ගියා....
ත/මුසෙට දැන්
ළමයෙක් ඉන්නවා
තාත්තෙක් වගේ හැසිරෙන්න
බැරිම තැන මං
රංඩු කරාම
රෙදි ටිකත් අරන්
ඔහු ,ඔහුගෙ ගෙදර ගියා...
වැඩ ඇරිලා ඇවිත්
දරුවත් අරන්
මං ගියේ
ඔහුගෙ මහ ගෙදරට...
ගෑ/ණු අනාථ කරලා
පුතන්ඩියාට ගෙට ඇවිත්
පුදුම අම්මලා මුං
මං සද්දෙන් කෑ ගැහුවා...
ඔය ළමයට
මං මුලදිම කිව්වා
හරි හමන් කොල්ලෙක් බඳින්න කියලා
පොඩි එකෙක් අල්ලන් බැඳලා
දැන් අපිට දොස් කියනවා.....
ත/මුසෙත් එක්ක
පාරේ යන්න පුළුවන්ද
නඩු දාපන් ගිහින්
වැරදුනේ මට බව තේරෙද්දි
පරක්කු වැඩිවෙලා තිබුනා....
මුලින් කොයිතරම්
ආදරෙන් ඉන්නවා කිව්වත්
නොගැලපීම් මැද එද්දි
අපි ගන්න වැරදි තීරණ හින්දා
දරුවො විදවනවා කියලා
විතරක් අවසානේ මට හිතුනා...
B.M.N.සඳූ බස්නායක..✍️
23/07/2026
එදත් මං ආසම පපුවෙ
අදත් මට
ඉඩ තියන බව
මං හොඳටම දන්නවා...
එදා වගෙම
අදත් මං ඔයාව
කාටවත් දෙන්න
අකමැති බව ඔයා දන්නවා...
සමහර විට
මං ගොඩක්
ආත්මාර්ථකාමී ඇති....
ඔයාට
යන්න කියපු
තැන ඉදලම
ඔයාට වඩා දුකක් මං විදිනවා...
ප්‍රේමයට
තිබුනෙ හිමි වීම නොවුන
අපෙ ආදරේ පැරදුනේ
අපි නිසා නොවන බවත් අපි දන්නවා...
ඉතිං
මං ආත්මාර්ථකාමී නොවී
කොහොම ද
මං තුරුළු උණු පපුව
මං තාම හොයනවා.....
හිනාවෙලා
අඬපු අපි
ආය හිනාවක්
එන දවසක් ගැන හීන දකිනවා...
හීන කියන්නෙ
හීන විතරමයි
මං අදටත්
අපි ගෙව් අතීතෙම ඉන්නවා....
ආදරෙයි මං
හැමදාටම
ඔයාව සිප ගන්න
ඔයාට තුරුළු වෙන්න
මට විතරමයි අයිති
අපි වෙන්වෙලා
දින අවුරුදු ගෙවුනත්
මගෙ අයිතිය මං ඉල්ලනවා....
ඉතිං
මේ ආත්මාර්ථකාමී පෙමිවතියව
කාටවත් වඩා
ඔයා හොඳට දන්නවා....
B.M.N.සඳූ බස්නායක..✍️
20/07/2026
වීඩියෝ එකට ලැබුනු හොඳම Comment එක🥹❤️
Sajitha Anuththara Anthony
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Colombo
00100