Girlie Day

Girlie Day

Share

One Shop for leading global women's beauty products at the best quality in the town.

21/12/2025

දුවේ, මම ඔයාව පුද්ගලිකව දන්නෙ නැති වුණත්, මේක දැක්කාම මේ දේ නොකියා ඉන්න මට බැරි වුණා.
මේ ගැන විවෘතව කතා කරන එක මගේ ජීවිතයේ පළමු වතාවයි.

අනුලා විද්‍යාලයේ 2002 අවුරුද්දේදී, ඔබට සිදු වූ දේට සමාන අත්දැකීමකට මටත් මුහුණ දෙන්න සිදු වුණා. ඒ කාලයේ මගේ ක්‍රීඩා ජීවිතය ගැන බොහෝ දෙනා දන්නවා. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබාගත් කෙනෙක් ලෙස මාව හඳුනාගෙන තියෙනවා.

ඒ දවස්වල මට සිදු වූ අසාධාරණය ගැන කතා කරන්න Facebook වගේ මාධ්‍ය තිබුණේ නැහැ. නමුත් මම කළේ, ඒ සියල්ලට වඩා ශක්තිමත්ව මගේ ජීවිතයට මුහුණ දීමයි. ඒ සිදුවීමත් එක්ක පාසල ගැන විශාල කලකිරීමක් ඇති වුණත්, මගේ පසුබිම බිඳ වැටුණත්, මම නැගිටලා ඉදිරියට ගියා.

අද ආපසු හැරිලා බලද්දී, ඒ අභියෝගම තමයි මට ජීවිතය ජයගන්න උදව් කළේ.
ශක්තිමත් හදවතක් සහ නොබිඳෙන අධිෂ්ඨානයක් තියෙනවා නම්, ජීවිතයේ එන ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන්.

ඔය වගේ අත්දැකීම් නිසාම, අදත් මගේ පෞරුෂය ඉතාමත් ශක්තිමත්.
ජීවිතය මාව කඩන්න උත්සාහ කළා…
නමුත් ජීවිතය ජයගත්තේ මමයි. 💪

Category

Telephone

Address


Colombo