Dr.Tharika Pathirathna
RooAyu Ayurveda Channeling Center is a reputed Ayurvedic healthcare facility owned and operated by a qualified and registered Ayurveda Doctor.
We offers both in-person and online medical consultations,provides worldwide delivery of Ayurvedic medicines.
28/09/2026
🥰👼
27/09/2026
දරුවෙකුට ආසාවෙන් බලා සිටින ඔබට...
ජීවිතේ ලොකුම සතුටක් තමයි “අම්මා” සහ “තාත්තා” කියලා හඳුන්වන්න ලැබීම ❤️
නමුත්
❗️ එය ප්‍රමාද වෙලාද?
❗️ ගැබ් ගැනීමේ ගැටළු වලට මුහුණ දෙන්න වෙලාද?
🌱 ආයුර්වේද ප්‍රතිකාර හරහා
ශරීරයේ ස්වභාවික සමතුලිතතාවය නැවත ලබාදී
ඔබේ සිහිනය සත්‍ය කරගන්න, අපි ඔබ සමඟයි 💚
👩⚕️ පළපුරුදු වෛද්‍ය උපදේශන
🌿 ස්වභාවික, ආරක්‍ෂිත ප්‍රතිකාර
📍 විශ්වාසයෙන් යුත් සේවාව
👉 ඔබේ “අම්මා තාත්තා” කියන සිහිනය අදම ආරම්භ කරන්න
වෛද්‍යතුමියගේ නිසි මඟපෙන්වීම යටතේ නියමිත ප්‍රතිකාර පද්ධතියක් තුලින් මෙම රෝගී තත්වයන් සම්පූර්ණයෙන් ම සුව කර ගැනීමටත්, ඔබ කුමන රටක සිටියත් නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමටත් දැන් ඔබට අවස්තාව හිමි කර දී ඇත.
ආයුර්වේදයේ මහිමය අත්විඳින්න! 🌸👶
✍️වෛද්‍ය තාරිකා පතිරත්න මිය
බී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)
ශ්‍රී.ලං.ආ.වෛ.ස. ලිප.අං. 16122
📍 ප්‍රතිකාර ලබාගත හැකි ස්ථාන:
⭕රූආයු ආයුර්වේද (Rooāyu Ayurveda) - නො. 95, ප්‍රධාන වීදිය, ඇහැලියගොඩ.
⭕නාවින්න මෙඩිකෙයා රෝහල (Nawinna Medicare Hospital) - නො. 418, නාවින්න, මහරගම.
📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට:
අමතන්න: 070 327 2436
වට්සැප්: 076 607 3777
27/09/2026
🥹💞🥰
27/09/2026
14 වෙනි වරටත් සාර්ථක ලෙස මේ වසරේ පළමු Book Fair වටය අවසන් කිරීමේ ප්‍රීතිය නිමෙත්තෙන් මෙසේ ලියමි..
යන්න ඉන්න අයට වැදගත් වෙයි..
අම්මට බබාලා දාලා අක්කයි අය්යයි එක්ක මේ ගමන යන්න සතියක විතර ඉදන් plan කරගෙන හිටිය නිසා ඔන්න සිකුරාදා ටිකක් කලින් වැඩ අවසන් කරලා ගමේ ආවා.. (දෙල්ලගොඩ..)💃
උදේ 8 ට පිටත්වීම යොදා ගත්තේ බබාලා ඇහැරිලා මොනයම් හෝ ප්‍රමාදයක් උනොත් 9ටවත් පිටත් වෙන්න පුලුවන් නිසා..
කොහොම හරි අපි 8.30ට උදේ ගෙදරින් පිටත් වෙලා මගදි උදේට කාලා එහෙම BMICH එක ලගට යනකොට 10.30 උනා.. 🚘
වසර කීපයක අත්දැකීම් එක්ක හොදින්ම දන්න දෙයක් තමයි 10 පහු උනොත් ඇතුලේ parking එකට එක් වර දාගන්න වෙන්නේ නෑ කියන එක..
ආපු ගමන් Parking Full කියලා Main Entrance එක ලග ගහලා තිබුණ නිසා අපේ ඉවසීමේ පළමු වටය ආරම්භ කලා.. 🥹
BMICH එක වටේම ගිහින් නැවත Main entrance එක ලගට එන්න පැයක් ගියා ඕන්.. තවමත් ගන්න පාටක් නෑ.. ඉවසීමේ දෙවෙනි වටයත් එහෙම ගියා කියමුකෝ.. එතන හිටිය පොලිස් නිලධාරී මහතා හරිම ප්‍රසන්නයි.. 🧑✈හිනාවෙලා හැමෝම අහන දේවල් වලට ඔහුට හැකි විදියට පිලිතුරු දෙමින් හිටියා.. මේ ඔක්කොම වෙන්නේ නොනවතින traffic එකේ නිසා එකතැන රැදෙමින් තමයි ඉදිරියට යන්නේ.. 🚘
"ආයේ Entrance open කරන්න වෙලා යයිද? Open කලාම කොයිතරම් වෙලා තියනවද? "මම ඇහුවේ ගිය වසරෙත් යාගන්න පුලුවන් උනේ ජයග්‍රාහී 3 වන වටයේදී නිසයි..🫣
10 ට විතර open කලාට පසු නැවත open කලේ නැති බවත් ,කලොත් විනාඩි 20ක් පුරාවට වගේ වාහන ඇතුල් කරගන්නා බවත් එලියේ Parking ඇති බවත් එතුමා පැහැදිලි කලා..
"අපි 3 වෙනි වටෙත් එන්නම්" කියා ස්තූති කල පසු නැවත මීලග වටය ආරම්භ කලා.. 👍
මේ වටය අවසානයේ දවල් 1.10 වන විට අපි පරිශ්‍රය තුලට යාගන්න පුලුවන් උනා.. (අපි ඇතුලට යනෝ කියලා අර පොලිස් නිලධාරී මහතාට සතුට ප්‍රකාශ කරලා යන්නත් අමතක කලේ නෑ.. 😊)
ඊලග අභියෝගය තමයි ලගම තැනක park කරගන්න එක.මොකද මම සාමාන්‍යයෙන් වසරටම බබාලට , මට, ආයතනයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සියල්ලම එක්වර මෙහිදී මිලදී ගන්න නිසා වාර කීපයක් ගන්න ගන්න ඒවා දාන්න වාහනය ලගට එන්න වෙනවා.. 🫠
ඒකමයි පිටින් නැතුව ඇතුලෙම වාහනය නවත්වා ගත්තේ..ඉවසීමෙන් එසේ සැනසීම ලබා අපි Book Fair එක තුලට ආවා..😌🙏
දැන් එක් අයෙකුට ටිකට් පතක් රු.50/-ක් වෙනවා..
මේ ගමනේදී ගන්න ඒවා දාගන්න backpack එකක් වතුර බෝතලයක් කුඩයක් අරන් යනවා නම් හොදයි. 👊👍
නමුත් මම නම් ඔය එකක් වත් එල්ලගෙන යන්න කැමති කෙනෙක් නොවන නිසාත්, set එකේ පොඩිම කෙනා මම නිසාත් ,අනිත් 3 දෙනාම මට ඔය බර උස්සගෙන යන්න දෙන්නේ නැති නිසාත් හිතේ ගතේ නිදහසේ මම ගියේ side බෑග් එකයි , මුදල් පසුම්බියයි පමණක් අරගෙනයි..
Wash room වල ඇති පිරිසිදු කම අපි මේ වෙලාවේ කතා නොකර ඉමු.නමුත් මේ වැඩේ පටන් ගන්න කලින් සැහැල්ලු වෙලා ඉන්න එක අත්‍යාවශ්‍ය දෙයක් නිසා නාසය පැත්තකින් තියලා පුංචි අවශ්‍යතාවය කරගෙන ආවා.. 😃😉
ඔය පෝලිම් වල ඉන්දී ලගම පෝලිමට නොයා දුරම එකට යන්න .ඒක වැසිකිළි පෝලිම , cashier පෝලිම වගේ එකී මෙකී නොකී පෝලිම් වල ඉදලා උනත් ඉක්මනින් සාධාරණව අපේ වැඩේ කරගන්න තියන පොඩි උපායක්.. 😉
මොකද බොහෝ අය බඩු ගන්න වටේම ගිහින් ලගම තියන පෝලිමේ නවතිනවා.. බොහෝ මහා පරිමාන කුටි වල cashier කීපයක් තියනවා.. ලගම එක නොව දුරම එකට ගියොත් බලාගන්න පුලුවන් අතන 15ක් විතර ඉන්දි දුරම එකේ පෝලිමට ඉන්නේ එක්කෙනයි දෙන්නයි..
අන්න එහෙම කාලය ඉතිරි කරගන්න නුවණ පාවිච්චි කරගෙන අපි මුලින්ම ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ කුටි වලට. සියල්ලටම වාගේ ගියා වගේම අවශ්‍ය දේ බොහෝමයක් ගත්තා. සවස 4 ට පමණ එතනින් එළියට ඇවිත් පළමු වටයේ මිලදී ගත් දේ වාහනේට දාලා අපේ අත් නිදහස් කරගත්තා.. 🥳🤩
මුලින් ඇතුලට යන්න කලින් fresh Juice එකක් පමණක් බීලා හිටිය නිසා දවල්ට කන්න ගියේ නිදහසේ ඉදගෙන කන්න පුලුවන් එකම තැන උන Mount Lavinia Hotel Restaurant එකට..
සුපුරුදු පරිදි Rice & koththu තමයි තිබුණේ.. එයාලගේම ගැමි රස restaurant එකේ Rice &Curry තිබුණත් එතන ඉදෙගෙන පහසුවෙන් කන්න ඉඩ තිබුණේ නැහැ.
කොහොම හරි කෑම කාලා මීලග අදියර පටන් ගත්තා..
සියලුම ලිපි ද්‍රව්‍ය ගන්න මෙහෙයුම..
සියල්ල එක තැනක දැකපු හොදම , ලාබදායීම stall එක තමයි "අකුර" .
පරිශ්‍රය දෙපසම stalls දෙකක් මෙයාලගේ තියනවා වගේම අත්‍යාවශ්‍ය බොහෝ දෑ මෙතැනින් ඉතා පහසු මිලට ගන්න තිබුණා..
ඒ වගේම promate තරම් exercise books වල sheet එක quality නැහැ. මිල ප්‍රශ්නයක් නැතුව High quality sheets බලාපොරොත්තු වෙනවා නම් promate වගේ යන එක හොදයි..
මෙහෙම අදියර කීපයකට, මුලු වසරටම හරි යන ලිපි ද්‍රව්‍ය වගේම novels, බබාලට Educational books , මේ හැමදේම අරන් පෑන් පැන්සල් Natraj එකෙන් අරන් අවසන් වෙද්දි රෑ 8.30යි..
මැගී එකක් කාලා ආයෙත් juice එකක් බීලා පොඩ්ඩක් Refresh උනා..
ගන්න බැරි උන එකම දේ උන mat or shine white sticker sheets නම් කොහේවත් තිබුණේ නෑ.. (ඒවා තිබුණ තැනක් දන්නවා නම් හරි ලංකාවේ කොහේ හෝ තොග විදියට ගන්න තැනක් තියනවා නම් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ..)
බෙහෙත් වර්ග Label කරන වැඩේට ඒවා අපිට ගොඩක් ඕනි වෙනවා වසරකට.. 🙏🙏🙏😌
ඔහොම ජයග්‍රාහී 6 වෙනි වටේට වගේ මිලදීගත් සියලු දෑ පටෝගෙන අපි ආයෙත් මහ ගෙදර ආවා.. 💃🚘🤩🥳🥰
මගදි රෑ කෑමත් සප්පායම් වෙලා එනකොට හරියටම රෑ 12යි ඕන්..
ලිපි ද්‍රව්‍ය වල පසුගිය වසරට වඩා මිල අඩු බවක් මට තේරුනා.. සමහර ඒවා වැඩි වෙලා තිබුණා..
කොහොම වෙතත් වසරකට වරක් එන මම හරිම ආසාවෙන් යන ගමනක් මේ.. ඒකට සෙනසුරාදා පෝයක් වෙලා අද ඉරිදා වෙලා මහන්සි නිවාගන්න දවසක් වෙන් කලාට බොහොම ස්තූතියි..
කෝ ඔයා තවම ගියේ නැද්ද? රු.50 ට ටිකට් එකක් අරන් මැගී එකක් 250/- ක් දීලා කාලා වටයක් ඇවිදලා ආවත් ඒකේ වෙනම vibe එකක් තියනවා.. ඒ නිසා ඒක විදින්න ඊලග අවුරුද්ද එනකන් කල් මරන්න එපා..
මම වෛද්‍ය තාරිකා පතිරත්න .
BAMS( UOC)
රූආයු ආයුර්වේද
27/09/2026
🥰💯
26/09/2026
කාලෙකින් අපි 4 දෙනා තනියම... 🙃🥰😍
එනකන් බබාලා බලාගන්න අම්මටයි තාත්තටයි පිං 😌🌸🙏
26/09/2026
🥹💞
26/09/2026
නිවාඩු දවසත් අල්ලලා මම ආවා අපේ මහ ගෙදර.. වේයන්ගොඩ.. ඒ එද්දි අම්මට නිවාඩුවක් දීලා අක්කලා අපි ඔක්කොම එකතු වෙන මොහොතක් ගත කරනවා කියන්නෙම තව මාස ගානකට ඕනි වෙන බලය ජවය ශක්තිය මානසික සුවය එකතු කරගන්න පුලුවන්..
ඔය අතරේ තමයි මතක් උනේ Iresha Cakes & Treats ඉරේෂා අක්කාව..
එක පැත්තකින් අක්කා මගේ පාසැලේ ඒ කියන්නේ රත්නාවලියේ වීම, ඊටත් වඩා අපි පැංචො කාලේ ඉදන් ආදරණීය මිතුරියක් වීම එක්ක අක්කා මේ ආරම්භ කරලා තියන රසවත් ව්‍යාපාරයට ගොඩ වැදුනේ නැත්නම් ඒක අඩුවක්..
අපි දෙන්නා ඒ කාලේ කතා කරන්න ගත්තාම වේයන්ගොඩින් කෝච්චියට නැගලා මරදානෙන් බහිනකන් කෝච්චිය නැවැත්තුවත් අපි nonstop 🫣😃
ඒ වගේම අක්කා වගේම ලස්සන දුවලා 6ක් ඉන්න ආදරණීය පවුලක්..
ඔන්න ඉතින් රෑ කෑමට අක්කාගෙන් බිරියානි සවාන් එකක් ගත්තේ අක්කාගේ කෑම වල රස , කල් තියාගන්න කෑම කලින් ඉදන් order කරලා ඇහැලියගොඩට ගෙන්වා ගන්න නිසා මම දන්න නිසයි..
ඒ බිරියානි එක හරිම රසයි අක්කේ.. කාලා ඉවර වෙලා අද උදේටත් වතුර ගුදමක් බොන්න උනේ නම් නෑ.. සොභාවික රසයි වගේම කෘතිම දේ දාලා නෑ කියලා ඒකෙන්ම ඔප්පු උනා..
වේයන්ගොඩ නිට්ටඹුව මීරිගම අවට ඉන්න ඕනිම කෙනෙක්ට මේ විදියට ආහාර ඇණවුම් කරලා ගෙන්වා ගන්න පුලුවන් වගේම කල් තියාගන්න පුලුවන් ආහාර කුරියර් මගින් ලංකාවේ වගේම ලෝකය පුරා ඕනෑම තැනකට ගෙන්වා ගන්න පුලුවන්..
හරි දේ කරන කාටවත් වරදින්නේ නෑ අක්කේ.. ඔයා කරන්නේ රස කෑම වලින් කෙනෙක්ගේ කුස ගින්නක් නිවන එක..
ඒ වගේම මං වගේ කාර්යබහුල ජීවන රටාවක ඉන්න අයට බයක් නැතිව කන්න පුලුවන් කල් තියාගන්න රස කෑම දෙන එකෙන් අපේ උදේ වැඩ ටික ගොඩක් පහසු කරගන්න පුලුවන්..
අක්කගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...👍🌸🌸🩷
25/09/2026
ඔබේ විවාහ ජීවිතයේ සතුටට බාධාවක් වී ඇති 'ක්ෂණික මෝචනය' ගැටලුවට නිත්‍ය ආයුර්වේද විසඳුම්! 🔹
ලැජ්ජාව හෝ කාර්යබහුලත්වය නිසා ප්‍රතිකාර ලබාගැනීම මඟහරිමින් සිටිනවාද? ශරීරයට අහිතකර ප්‍රතිඵල ගෙනදෙන කෘතිම ඖෂධ වෙනුවට, විශ්වාසවන්ත ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර තුළින් සාර්ථක සුවයක් ලබාගැනීමට දැන් ඔබට අවස්ථාව තිබෙනවා.
ලොව කොහේ සිටියත්, දේශීය හෝ විදේශීය ශ්‍රී ලාංකික ඔබට වෛද්‍යතුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමේ පහසුකම් ද අප සතුව ඇත. 📦✈️
ඔබේ රහස්‍යභාවය උපරිමයෙන් සුරකිමින්, වෛද්‍ය උපදෙස් සහ නිවසටම ඖෂධ! 🔒📦
✍️වෛද්‍ය තාරිකා පතිරත්න මිය
බී.ඒ.එම්.එස්. (කොළඹ විශ්වවිද්‍යාලය)
ශ්‍රී.ලං.ආ.වෛ.ස. ලිප.අං. 16122
📍 ප්‍රතිකාර ලබාගත හැකි ස්ථාන:
⭕රූආයු ආයුර්වේද (Rooāyu Ayurveda) - නො. 95, ප්‍රධාන වීදිය, ඇහැලියගොඩ.
⭕නාවින්න මෙඩිකෙයා රෝහල (Nawinna Medicare Hospital) - නො. 418, නාවින්න, මහරගම.
📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට:
අමතන්න: 070 327 2436
වට්සැප්: 076 607 3777
#ආයුර්වේද
Category
Website
Address
Colombo