SKBG 2.0

SKBG 2.0

Share

නොකියවන බව දන්නවා ඒත් මං ලියනවා..

01/08/2026

❤️❤️

02/07/2026

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මතකද එදා... මේ⁣ ලෝකේ බය නැතිම ආදරවන්තයෝ දෙන්න.....
ජීවිතේ ලස්සනම දවසක් වැස්සේ තෙමේ තෙම් ගිය හැටි.....
සීතලට මාව මිරිකගෙන වැස්සට අතින් මාව පරිස්සම් කරන් හිමීට මාව සිපගත්ත හැම වෙලාවක්ම මට මතකයි....

ආයේ කවදාවත් ඒ වගේ දවසක් එන්නේ නෑ තමයි....
ඒත් එ් තප්පර අදට මතක් උනත් මාව ගැස්සිලා යනවා....

මේවා ඔයා දකින්නෑ මං දන්නවා... ඒත්... මතක් උනාම ලියනවා..
කවිම ඕනේ නෑ මගේ හිතට එන කතාව හරි මම ලියනවා...

හැමදාකම හොරෙන් මාව ඉඹිනකොට මට දැනනවා..... මං ආසයි ඒකට නොදැනුනා වගේ ඉන්නවා..... දැන් මම හීනෙන් හැමදාම ඔයාව ඉඹිනවා........

"නිමාවූ වසන්තයේ ශේෂ හැමතැන තියෙනවා....
නුඹට වැඩියෙන් දවසගානේ ඒවා මගේ ඇස් දකිනවා....
මගෙයි හිත කැත මමත් හොද හැටි දන්නවා.....
මඩේ තිබුණත් ගගේ තිබූණත් මැණික කොහොමත් වටිනවා.....".......................SKBG..........................

01/07/2026

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අදත් හැමදා.... වගේ ආයෙත් ඉවසගන්නට බැරි උනා...
වාසනාවක් තියේ නම් බොට.. පින ලැබෙයි අද වත් කියා...
දවස් ගානක් කලින් ආවත්... හේමලයා වත් නැති නිසා....
ඉබාගාතේ ඔහේ ආවා ඒක මගේ පුරුද්දක් නිසා....

හිතත් පෑරි දෙනෙත් රතුවී කදුලු බර වැඩි වෙන්න හැදුවා....
ඈත දුරකට පේන රූපය හිතේ ගැස්මත් වැඩි කලා....
ටිකෙන් ටික ලංවෙද්දි.. හදවත නතර වෙන්නට වගේ උනා....
අනේ රත්තරන් කාලෙකට පස්සේ මං... ඔයා අද දැක්කා....

අහිතකින් ආවා නොවේ මම..... මහ රෑත් මම ඇවිත් යනවා... බොරු නෙවේ රන් දෙතු තුන් දොහකට වරක් මම හැමදා ගියා..... ඔබේ ලෝකයේ මල් පිපෙන හැටි බලන්නේ මං දුර තියා....
තවත් හැඩවී හෙටත් පිපියන් හැමදාම උබ මගෙ නිසා..................................SKBG..............................

30/06/2026

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඇතමුන් වේදනා නාශක වැනිය... අල්ප මාත්‍රයෙන් ලබා ගත්තා උවද සුව වන්නා වැනිය....

ඇතමුන් තමා ප්‍රමාණය නොදන්නා හස්තියන් වැනිය... අනෙකාට ඔවුන් දැනෙන තරම ඔවුන් කිසිදිනක දැන සිටියේ නෑත.. දැන සිටියා නම් බියට පත්වී පහර දෙන්නේ නැත... අනෙකා එම පහරින් මියෙන බව දන්නේද නැත...

ඇතමුන් LPG වැනිය.. වහා ගිනි ඇවිලෙන සුලුය... නමුත් අනෙකාට ගිනි නිවන හමුදාවක් වැනිය .. ගැලවීම නිවීම සැනසීම ධෛර්යය ලබාදුන් මහත් සවියක් වැනිය....

ඇතමුන් දෙවියන් දුන් තෑග්ගක් වැනිය... අනෙකා එයට වරම් නෙදෙන භුතයන් වැනිය...

ඇතමුන් අනෙකා වෙනුවෙන් පන පුදන අය වැනිය.. අනෙකා ඇතමුන්ගේ ජීවිතය ගත් පව් කාරයෙක් වැනිය....

ඇතමුන් නිමක් නොවන කවියක් වැනිය ගයන විට මිහිරිය.... සිහියට නැගෙන විට ඇසට කදුලක් එනවා වැනිය.... අනෙකා මූසිල වැනිය... මිහිරම තනු ගයා.. වයා.. ගත නොහැකිව දිවියම පරාද වූවා වැනිය..

නමුත් අනෙකා ඇතමෙක්ට කල ප්‍රේමය මේ ලොව කිසි කලක කාටවත් නොකල තරමේ එකක් බව ඇතමෙක්ට නොහැගුනා වැනිය...සියල්ල සොරුන් ඩැහැගත්තා වැනිය....

සතුටට කරුණ නමි ඇතමෙක් ඔබ වැනිය....

දුකට කරුණ නම් අනෙකා මම වැනිය.................................SKBG......................

30/06/2026

🥺

29/06/2026

ඔයා වගේ මැණික....😊❤️

Telephone

Website

Address


Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when SKBG 2.0 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura Town.