MOH Office Ampara
"සුවපත් ජනතාවක් සහ සශ්‍රීක දිගාමඩුල්ලක් සඳහා තිරසාර සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටතම පෙර ගමන් කරුවා වීම."
02/08/2026
🚨 **අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය සඳහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්!** 🚨
අම්පාර දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුවේ තීරණවලට අනුව, අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
* **2026 අගෝස්තු මස 04 සහ 05 දිනවලදී (පෙ.ව. 08:30 සිට):**
ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ නිවාස පරික්ෂා කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලැබේ.
මෙම ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ඔබ ලබා දෙන සහයෝගය ඉතා අගය කොට සළකමු! 🙏
31/07/2026
අම්පාර දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් 2026 අගෝස්තු මස 01 වන දින විශේෂ නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ග්‍රාම නිධාරී කොට්ඨාසවල නිවාස පරීක්ෂා කිරීම සිදු කෙරේ.
නිවෙස්වල පදිංචිකරුවන් දැනුවත් කරමින්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම සහ ශ්‍රමදාන කටයුතු ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
මෙම වැඩසටහන අඛණ්ඩව හා කිසිදු අපගමනයකට ලක්නොවන අයුරින් ඉතා විධිමත්ව පවත්වාගෙන යාම ඔබගේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කරන ලෙස දන්වා සිටී.
මදුරුවන් බෝවන ස්ථාන තුරන් කරමින්, අපේ ගම, අපේ නිවස ඩෙංගු උවදුරින් ආරක්ෂා කර ගැනීමට ඔබත් ඔබේ පූර්ණ සහයෝගය ලබා දෙන්න! 🙏✨
31/07/2026
අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් මූලික කරගනිමින් ඩෙංගු මර්දන විශේෂ ශ්‍රමදාන සහ අධීක්ෂණ වැඩසටහන සාර්ථකව අවසන්! 🦟✨
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් ලබා දී ඇති මඟපෙන්වීම් හා උපදෙස් මත, දිස්ත්‍රික්කය පුරා පාසල් දරුවන්ගේ සහ පාසල් ප්‍රජාවේ පූර්ණ සහභාගීත්වයෙන් අද දින (2026.07.31) විශේෂ ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන යටතේ පාසල් පරිශ්‍රයන්හි කසළ බැහැර කරන ස්ථාන පිරිසිදු කිරීම, ජලය රැස්විය හැකි ස්ථාන ඉවත් කිරීම මෙන්ම පාසල් වටපිටාව මදුරුවන් බෝ නොවන ලෙස පවත්වාගෙන යාම සඳහා සිසු දරුවන් සහ ගුරුවරුන් මහත් උනන්දුවකින් කටයුතු කළහ.
අපේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා එක්වූ සියලුම පාසල් ප්‍රජාවට, සෞඛ්‍ය අංශවලට සහ රාජ්‍ය නිලධාරීන්ට අපගේ ප්‍රණාමය! 🙏
ප්‍රජා සෞඛ්‍ය 100වන සංවස්තරය සදහා 2026.07.21 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රදර්ශනය සදහා තෝරාගෙන තිබූ මීට වසර 4කට පෙර අප විසින් හදුන්වාදුන් දන්සැල් ලියාපදිංචි කිරීමේ මාර්ගගත ක්‍රමවේදය පිලිබදව ඉදිරිපත් කල දෘශ්‍ය ඉදිරිපත් කිරීම..
16/07/2026
නාමල්ඔය ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනලද "පිළිසරු හරිත ව්‍යාපෘතියෙ" පළමු අස්වැන්න පරගහකැලේ සායනයේ ගර්භනී මැව්වරුන් වෙත ලබාදීම....2026/07/15
15/07/2026
නාමල්ඔය ප්‍රදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ලද "පිළිසරු හරිත ව්‍යාපෘතියේ" පළමු අස්වැන්න පරගහකැලේ සායන මධ්‍යස්ථානයේ මව්වරුන් වෙත ලබා දීම.(2026.07.15)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Ampara
Opening Hours
| Monday | 08:00 - 16:00 |
| Tuesday | 08:00 - 16:00 |
| Wednesday | 08:00 - 16:00 |
| Thursday | 08:00 - 16:00 |
| Friday | 08:00 - 16:00 |
| Saturday | 08:00 - 13:00 |