Happy Pill - Daily Dose
Positive Vibes that we need in this world
You'll give anything for the Family you Make
08/08/2026
බබාලා ඉන්න අම්මලාට ගොඩක්ම ප්‍රයෝජනයට ගත්ත දේ මොකද්ද ?
මට නම් nursing pillow එක.........
26/03/2026
අවු රටා උන්මාදය.....
ඔයාලත් මං වගේ මේ වගේ හවසට වැටෙන අව්වට ආසයිද.....මං මේ අව්වට කියන්නෙ පැසුනු කහ අව්ව කියලයි.මොකද මද්දහන පහු කරලා හවස් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි වැටෙන මේ අව්ව හරියට මෝරපු සුවද විහිදුනු අඹ ගෙඩියක් වගේ කියලයි මට නම් හිතෙන්නෙ.සන්ලයිට් ඇඩ් එකකුත් යාන්තම් මතක් වෙනවා....කොහොම උනත් අමුතු හිත නිවන බලාගෙන ඉන්න හිතෙන ගතියක් මේ අව් රටා වල තියෙනවා......💐☀️🌞
28/02/2026
ඔයාලටත් nostalgic program එකක් තියෙනවද?
ඉස්සර ගෙදර ඉන්න කාලෙ අපේ ගෙදර හැමෝම එකතු වෙලා බලපු program එකක් තමයි මේ.සිරස ලක්ශපති ඉවර උනාට පස්සෙ money drop.සෙනසුරාදා ඉරිදා මොන වැඩේ තිබ්බත් ඕකෙ music එක යද්දි අප්පච්ච් මුලු ගෙදරටම ඇහෙන්න කෑගහනවා money drop බලනවද කියලා....හැමෝම බලන බව දැන දැනම තමයි ඒ අහන්නෙ අපිව ඉක්මන්ට ගෙන්න ගන්න.අපි ඔක්කොම phone පැත්තකින් තියලා කර කර හිටපු වැඩ ඔක්කොම නවත්තලා යනවා money drop බලන්න.අහන අහන ප්‍රශ්නෙට හැමෝම තමන්ගෙ දැනුමෙ හැටියට උත්තරයක් දෙනවා.film, tv series ගැන ඇහුවොත් නංගියි මායි වැඩ්ඩො වගේ උත්තර දෙනවා.ක්‍රිකට් ගැන ඇහුවොත් අයියා දෙන උත්තරේ හරියටම හරි.history හරි පොලිටිකල් හරි ප්‍රශ්නයක් ඇහුවොත් අප්පච්ච් අවුරුද්දත් එක්ක උත්තරේ දන්නවා.පරන film ගැන ඇහුවොත් අම්මා උත්තර දෙනවා. ඇත්තම money drop එකේ නැති උනුසුමක් අපේ ගෙදර තියෙනවා 😁
දැන් ආයෙත් සිරසෙ money drop යනවා.හැබැයි අපි තැන් තැන් වල.සමහරවිට අම්මයි අප්පච්චියි තාම බලනවා ඇති.එයාලට අපි නැතුව පාලු ඇති...........😔
゚
20/02/2026
❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20200