Hetson's Stencil INK
STENCIL INK FOR PRNTING PURPOSES
02/01/2024
ස්ටෙන්සිල් ඉන්ක් යනු.....
* ස්ටෙන්සිල් ඉන්ක් යනු ස්ටෙන්සිලයක් හා ස්ටෙන්සිල් බුරුසුවක් (පින්සලක්) භාවිත කිරීම තුළින් මුද්‍රණ කටයුත්තක් කර ගැනීම සඳහා සරල, හා පහසුවෙන් භාවිත කළ හැකි විශේෂිත තින්ත වර්ගයකි.
* පහසුවෙන් භාවිත කළ හැකි මුද්‍රණයෙන් පසු ඉක්මනින් වියලෙන හා මුද්‍රණයෙන් පසු මුද්‍රිත මාධ්‍ය තුළින් අවශ්‍යතාවය මත නැවත දිය කර හැරීම හා ඉවත් කිරීම සිදු කළ හැකි භාවිතය පහසු ලාබදායී, ජලයේ දියවෙන තින්ත වර්ගයක් ලෙසින් එය සතු විශේෂ ගුණාංගයන් නිසා ස්ටෙන්සිල් ඉන්ක් බිලොක් ප්‍රින්ටින් ඉන්ක් හා විලාසන් තින්ත යන විවිධ නාමයන්ගෙන් ප්‍රචලිත ය.
භාණ්ඩ ඇසුරුම්කරණයේ දී සිය නිෂ්පාදනයෙන් සිමිත ප්‍රමාණයක් වෙළඳපළට නිකුත් කිරීමේ දී කඩදාසි අසුරුම්, කාඩ්බෝඩ් ඇසුරුම්, වැනි බෝඩ් ඇසුරුම්, ප්ලයිවුඩ්, කොරුගේටඩ් පෙට්ටි, ලි පැලට් හා දෑවමය අසුරුමි මත සීමිත හා ප්‍රමාණයික මුද්‍රණයක් සඳහා සහ බිත්ති මත, රෙදි මත, චිත්‍ර ශිල්පය සඳහා වුව ද යොදා ගත හැකි තීන්ත වර්ගයකි.
ස්ටෙන්සිල් ඉන්ක් සඳහා අප දායකත්වය (HETSON'S CEYLON (PVT) LTD)
* ස්ටෙන්සිල් ඉන්ක් භාවිතයට ගත හැකි අවස්ථාවන් වූ තේ කොළ අපනයනයේ දී අතිතයේ තේ අපනයන ක්‍රියාවලිය සිදු වූයේ වැනි බෝඩි ඇසුරුමක් තුළිනි. එම ඇසුරුම මත නිෂ්පාදනය පිළිබඳ විස්තර බහාලුම් සංකේත හා නිෂ්පාදිත දින, කල් ඉකුත් වීමේ දීන, කාණ්ඩ අංක හා මිල ආදිය සටහන් කිරීම සඳහා ද භාවිතය සඳහා අප විසින් නිෂ්පාදනය කරන ලද තීන්ත භාවිතා කරන ලදී.
හෙට්සන්ස් ස්ටෙන්සිල් ඉන්ක් යනු, (Hetson's stencil ink)
වර්ෂ 1974 දී පී. පී. හෙට්ටිආරච්චි නම් වූ බහු කුසලතා සපිරි ඉංජිනේරුවරයා විසින් ඔහු සේවය කළ සුප්‍රසිද්ධ බහුජාතික සමාගමේ සේවයෙන් ඉවත් වී ඔහු විසින් ම සොයා ගත් දේශීය වට්ටෝරුවකට අනුව නිපදවනු ලැබූ තින්ත නිෂ්පාදනය ශ්‍රි ලාංකිය තේ කොළ ඇසුරුම් අපනයන අසුරුමි මත මුද්‍රිත තීන්ත (වැනි බෝඩ් බහාලුම) වර්ගයක් ලෙසින් වැවිලි අපනයන ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලද අතර ස්වයං රැකියාවක් ලෙසින් ඇරඹූ ව්‍යාපාරය පසුව කාර්මාන්ත හිමිකරුවෙකු ලෙසින් පවත්වා ගෙන ගිය ප්‍රසිද්ධ ව්‍යාපාරයකි.
වර්තමානයේ ඔහුගේ පුත්‍රයෙකු වන වයි. පී. හෙට්ටිආරච්චි යන අය විසින් සීමාසහිත පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර සිය නිෂ්පාදනය වැඩි දියුණු කරන ලද නව වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර සිය අතීත පාරිභෝගිකයන්ට බෙදා හරිමින් සිටියි. අපගේ ප්‍රධාන ගැනුම්කරුවන් වනුයේ අපනයනය සඳහා තේ කොළ නිෂ්පාදනය කරනු ලබන වැවිලි සමාගම් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනයක් වන දීසිදී පොල් (Desiccated Coconut) අපනයනය කරනු ලබන ඩී.සී. මිල්ස් සමාගම් ය.
Hestson's Ceylon (Pvt) Ltd ලෙසින් අප ආයතනය රජයේ ලියාපදිංචිය ලැබ දැනට වසර 3 පමණ කාලය තුළ එහි වර්තමාන හිමිකාරිත්වය දරණ අප විසින් සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කරමින් මෙයට පෙර නිෂ්පාදනය කරනු ලැබූ සිය නිෂ්පාදනයට අමතරව (අතීතයේ සිට නිෂ්පාදනය කරනු ලැබුයේ ජලයේ දියවන තිත්ත කැටයකි. උදාහරණයක් ලෙසින් එය චිත්‍ර ඇඳීමේ කාර්යයේ දී යොදා ගනු ලැබූ වෝටර් කලර්ස් (Wather Colours) නම් තීන්ත වර්ගයට සමාන ය.) එම තද (Solid Stencil ink) වලට අමතරව,
2. මෘදු තලපයක් (Cream & Pest)
3.දියර තීන්ත (Liquid ink)
4. තීන්ත කුඩු (Ink powder)
ලෙසින් නිෂ්පාදනයන් 04 ක් ලෙසින් නිපදවනු ලැබ බෙදා හරිනු ලබමින් සිටියි.
මෙයට අමතරව ශ්‍රී ලංකාව තුළ බොහෝ තරඟකාරී ආයතන මඟින් නිපදවනු ලබන නිවාස හා ගොඩනැගිලිවල ඇතුළත සහ පිටත භාවිතය සඳහා ගනු ලබන ඉමල්ෂන් තීන්ත, වෙදර් ෂීල්ඩ්, බැනර් තීන්ත, ස්ත්‍රින් ප්‍රින්ටින් තිත්ත හා අනෙකුත් සියලුම තීන්ත වර්ග සහ විශාල ප්‍රමාණයේ කඩදාසි ඇසුරුම් මුද්‍රණ යන්ත්‍ර සඳහා යොදනු ලබන තීන්ත වර්ග (ජලයේ දිය වන) නිෂ්පාදනය කිරීමේ හැකියාව වර්තමානයේ අප ආයතනය සතු ය.
නිත්ත නිෂ්පාදන කර්මාන්තය රැඳී ඇත්තේ 100 % පමණ ආනයනික රසායනික ද්‍රව්‍ය මත ය. පහුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය වැනි අවස්ථාවක දී තිත්ත නිෂ්පාදනයන්හි මිල විශාල ලෙසින් ඉහළ යෑම සිදු වූයේ එම කරුණ මත ය.
02/01/2024
රජයේ ලියාපදිංචි (පුද්ගලික සමාගමක් ලෙස) දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය සඳහා ව්‍යාපාරික හවුල්කරුවන්(අධ්‍යක්ෂ) වරුන් කීප දෙනෙකු අවශ්‍යයි. ක්‍රියාකාරී අධ්‍යක්ෂක හෝ ආයෝජන මට්ටමින් මාසිකව 4% ක ප්‍රතිලාභ වසරක කාලයක් සඳයා හිමිවේ. මූලික ගිවිසුම් ගත කාලය වසරකි.
Hetson's Ceylon (pvt) ltd. (P V 00258741)
0113 69 29 30
0729 78 78 78
0772 46 10 78
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
11710
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Hetson's Stencil INK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.