Nisha online
Online business
Travel
29/09/2026
Book fair යද්දි මේ ටික නොදැන ගියොත් අමාරුවේ
• පළවෙනි ම දවසෙ උදේ 09.00 වෙද්දි ඇතුළට යන්න. නැත්නම් දිග පෝලිමක් සෙට් වෙනව ටිකට් ගන්න.
• ඇතුළට යන්න කලින් 'මැප් එක' ඉල්ලගන්න. ඒක සෑහෙන්න වටිනවා. ඒකෙ තියෙනව ප්‍රකාශන ආයතන ටික සහ හෝල් ටික තියෙන තැන්. හොයාගන්න ලේසියි. එළියට යනකම් ඒක තියාගන්න.
• 09.00 වෙද්දි 95%ක්ම ස්ටෝල් ඇරල. හැබැයි සමහරවිට: ස්ටෝල්වල ලයිට් දාල නැති වෙයි, ස්ටෝල්වල කරන්ට් නැති වෙයි, කැෂියර් මැසින් හදන ගමන් වෙයි, ස්ටාෆ් ස්ටෝල් අස් කරන ගමන් වෙයි.
ඒ නිසා ටිකක් එහෙ මෙහෙ ඇවිදින ගමන් තමන්ට අවශ්‍ය පොත් හොයාගන්න. කලබල කරගන්න එපා.
• ගන්න ඕනෙ පොත් ටික ගැන අදහසක් තියෙනව නම්, මුලින්ම ඒ පොත්වල ප්‍රකාශන ආයතනයට යන්න. පොත් ටික අරගන්න. ඊට පස්සෙ නිශ්චිතව විස්තර දන්නෙ නැති, ‘හොයන්න’ තියෙන පොත් හොයාගන්න ඇවිදින්න පටන් ගන්න. මොකද, බුක්ෆෙයාර් එකට සෙනඟ එන තරම දරාගන්න බැරි වුණාම සමහර ශාලා (A/B) ඇතුළට යෑම පවා තාවකාලිකව නවත්වනවා. පිට වෙන්න විතරයි පුළුවන් පැයක් විතර යනකම්
පොත් ගන්න හොඳම දවස් සහ සෙනඟ නැති වෙලාවල් මොනවාද?
• බුක්ෆෙයාර් එකේ දවස්වල සෙනඟ එන එකේ පොඩි රටාවක් තියෙනව. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා කියන්නෙ ටිකක් නිදහසේ ඇවිදල පොත් ගන්න සුදුසු දවස්. සිකුරාද හවස, සෙනසුරාදා සහ ඉරිදා කියන්නෙ බුක්ෆෙයාර් එකේ පීක්ම දවස්. (විශේෂයෙන් පළවෙනි සෙනසුරාද සහ ඉරිදා) ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. විශේෂයෙන් ක්ලාස් යන අය, නිවාඩු තියෙන අය, පවුල් පිටින් එන අය එහෙම එදාට එන්නෙ…
• බුක්ෆෙයාර් එකට සෙනඟ එන වෙලාවටත් රටාවක් තියෙනව. සතියෙ දවස්වල උදේ 09.00 - 11.00 සෙනඟ ටිකක් අඩුයි. (පළවෙනි ම දවස් තුනේ සහ සෙනසුරාද ඉරිද දවස්වල මේක වෙනස්. ඒ දවස්වල වැඩියි) 11.00න් පස්සෙ 01.00 වගේ වෙනකම් ටිකක් වැඩියි. ආයෙම 01.00 - 03.00 වගේ වැඩියි. 03.00 - 05.00 වගේ අඩුයි. 05.00-07.30 වගේ සෑහෙන වැඩියි. 07.30න් පස්සෙ අඩු වෙනවා.
• පොත් ගන්නව නම්, අනිවාර්යෙන් පළවෙනි දවස් තුනේ ම එන්න. මොකද, ඊටපස්සෙ බොහෝ පොත්වල ස්ටොක් ඉවර වෙනවා. සමහරවිට ආයෙ එන්නෙ අවසාන දවස්වල. සමහරවිට මිනිස්සු පොත් ඇද්දම පොත් යට වෙනව, අස්ථානගත වෙනව. ඒ නිසා මුලින් ම යන එකයි හොඳ ම.
විශේෂයෙන්ම බාර්ගෙන් ස්ටෝල්වලට යනව නම්, පළවෙනි දවසෙ ම, පළවෙනි වරුවෙ ම යන්න උත්සාහ කරන්න. පස්සෙ ගිහිල්ල ‘ඉතුරු බිතුරු’ අතගගා ඉන්න වෙන්නෙ. වැඩක් ගන්න පුළුවන් සහ අඩුම මිලට තියෙන පොත් එක පැයෙන් ඉවරයි.
• ප්‍රධානම බුක්ෂොප් ස්ටෝල්වලට විතරක් ගිහිල්ල නතර වෙන්න එපා. රුපියල් 2000ක් 3000ක් අතේ ඉතුරු තියාගෙන ඔය චූටි චූටි ස්ටෝල්වලටත් යන්න. හොයාගන්න අමාරු මිණිකැට මුතුකැට වගේ වටිනා සහ ඔබට හොයාගන්නම අමාරු පොත් ඒවගෙ තියෙන්න ඉඩ තියෙනව ‘සේල් වීම’ අඩු නිසා.
• පොත් ස්ටෝල්වල අයට ‘අනේ හෙට වෙනකම් මේක තියාගන්න’ කියන බලාපොරොත්තුවෙන් පොත් හොයන්න එපා. ඒ අය ඒ පොත් තියාගන්න කැමති වුණත්, සමහරවිට එව තිබ්බ තැනක් එයාලටවත් හොයාගන්න බෑ. ඒ තරම් කාර්යබහුල සහ අපිළිවෙළ වෙනව සෙනඟ වැඩි වුණාම. ගන්න පොත එවෙලෙ ම අරගෙන යන්න.
• කෑම සහ විශේෂයෙන් බීම වර්ග අරගෙන ස්ටෝල් ඇතුළට යන්න එපා. සමහරවිට සෙනඟ කොයිතරම් පිරෙනව ද කිව්වොත්, ඔයාට විනාඩි පහක් විතර ඉන්න තැනම හෙලවෙන්නෙ නැතුව ඉන්න වෙනව. ඒ වගේ වෙලාවක කෑම බීමක් හැලුණොත් ඔයාගෙ ඇඳුම ම ඉවරයි. අනෙක, ස්ටෝල්වල ඉන්න අය හරිම කලබලයක ඉන්නෙ. එයාල දුවනකොට එහෙමත් ඇඟවල්වල හැප්පෙන්න එහෙම පුළුවන්.
• ආතල් එකට කන: නූඩ්ල්ස්, හොට්ඩෝග්ස්, බන් වර්ග, පොප් කෝන්, අනම් මනම් නෙවේ, බඩගින්නට කන්න රයිස් බත් එහෙම තියෙන බුක්ෆෙයාර් කැන්ටින් එක පුදුම විදියට බිසී වෙනව ඔය දවස්වලට. කෑම එකක් ගන්න ගියොත් ඔයාලට දිග පෝලිමක ඉන්න වෙනව. ඊටත් වඩා, ප්‍රමාණවත් වාඩි වෙන තැන් එහෙම නෑ. ප්‍රධාන කෑම බීමට ක්‍රමවේද සලස්වාගෙන එන්න.
ATM, සල්ලි සහ බෑග් ගැන පරිස්සම් විය යුතු දේවල්
• BMICH එකේ තියෙන BOC ATM එකෙන් සල්ලි ගන්න බලාගෙන යන්න එපා. රෂ්ම වෙලාවට සමහර වෙලාවට පෝලිම දිගයි කිලෝමීටර භාගයක් විතර.
බුක්ස්ටෝල්වලට සම්පත් සහ ලංකා බැංකුවලින් කාඩ් මැෂින් එහෙම දීල තියෙනව. නමුත්, හැම වෙලේම කාඩ් එක ගැන 100%ක් විශ්වාසය තියාගෙන යන්න එපා. සල්ලි ටිකක් විතරත් අතේ තියාගෙන යන්න. හේතුව තමයි: සමහර ස්ටෝල්වල American express කාර්ඩ් වැඩි කරන්නෙ නෑ, කාර්ඩ් මැෂින් සමහර වෙලාවට අවුල් වෙනව, ඒ මිනිස්සු සිය ගාණක් නෙට්වර්ක් පාවිච්චි කරන නිසා, කාර්ඩ් පේමන්ට් එක ඩික්ලයින් වෙන්නත් පුළුවන්, පේමන්ට් එක නොවුණත්, පේමන්ට් එක වුණා කියල මැසේජ් එක එන්න (පොදුවෙ මේ අවුල් ටික බහුලව වෙනව එක්සිබිෂන් එක ඇතුළෙ) පුළුවන්.
• ආතල් එකටවත් පොත් හොරකම් කරන්න, උස්සන්න යන්න එපා. හැම ස්ටෝල් එකකම තියල තියෙනව පණ තියෙන කැමරාවක් හෝ කීපයක්. අහක බලන් ඉන්නව වගේ දැක්කත් එයාලගෙ ඇස් වැඩ. අවුරුදු ගාණක් ස්ටෝල්වල ඉඳල පුරුදු අය ඒ. අහුවුණොත්, BMICH පොලිස් මුරපොළට බාර දෙනව. එක්කො, පොත් සියල්ලම ඩිස්කවුන්ට් එක බිංදුවක් නැතුව බිල් කරවනවා. සමහර වෙලාවට බිල් කරවල පොත් ටිකත් තියාගෙන නිකම්ම යවනව. ඊට වඩා ලැජ්ජාව; විහින් අමාරුවෙ වැටෙන්න එපා. ‘කියවන මිනිස්සු හොරකම් කරන්නෙ නෑ’ කියල හිතනව නම්, ඔයාට වැරදිල. ලංකාවෙ එහෙම එකක් නෑ.
• ඔයාලගෙ පර්ස්, බෑග්ස් පරිස්සම් කරගන්න. අපි දහස් වතාවක් දැකල තියෙනව සෙනඟ අස්සෙ හිර වුණාම බෑග් එකට අත දාල පර්ස් එක ගන්න හොරු! ඕනෙතරම් එහෙම ඒව පෙන්නල තියෙනව අපි අයිතිකාරයන්ට හොරකම් කරන්න කලින්. තමන්ගෙ හෑන්ඩ්බෑග් එක වහල, සිපර් එක තමන්ගෙ දිහාට හරවල තියාගන්න.
කරුණාකරල මේක ටිකක් මානුෂීයව හිතන්න…
* පොත් තෝරන්න ගියාම පොත් හල්හත්තට පතුරු යන්න එහෙ මෙහෙ විසි කරන්න එපා.
* හිතු මනාපෙ එහෙ මෙහෙ විසි කරන්න එපා.
* එක රැක් එකකින් අනෙක් රැක් එකකට දාන්න එපා.
* රාක්ක මාරු කරන්න එපා.
* පොතක් අරන් බලල, උත්සාහ කරන්න ඒක ගත්ත තැනින්ම තියන්න.
* රාක්කෙන් අරගෙන ගිහිල්ල පස්සෙ ආයෙම තියන්න ඕනෙ නම්, තැන මතක නැත්නම් අඩුම තරමෙ ඒ ස්ටෝල් එකේ ඉන්න සේවකයෙක්ට පොත දෙන්න සුදුසු තැනකින් තියන්න කියල.
බුක්ෆෙයාර් දවස් දහයෙ ඔය සේවක මිනිස්සු පුදුම දුකක් විඳින්නෙ. උදේ 09.00 ඉඳන් රෑ 09.00 වෙනකම් පැය 12.00ක් හිටගෙනම ඉන්නෙ. තුන් වේල කන්න වෙලාවක් නෑ. හිතේ හැටියට වතුර ටිකක් බොන්නෙ නෑ. පුදුම මහන්සියකින් ඉන්නෙ. දවස් 10 ඉවර වෙද්දි බාගෙට මැරිල වගේ ඉන්නෙ. වැඩිපුර පොත් ටිකක් විකුණල කීයක් හරි වැඩිපුර හොයාගන්න හෝ මාසෙ පඩියට වැඩිපුර ගාණක් හදාගන්න දඟලන මිනිස්සු ටිකකුයි ඔය පොත් හදන්නෙ කරන්නෙ. (ඔව්, ඒක එයාලගෙ රාජකාරිය තමා. ඒත්… මම හිතන්නෙ ඔයාට මම කියන දේ තේරෙනව.)
vegetables
28/08/2026
මහකනදරාව වැව❤️
මහකනදරාව වැව ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රදේශය ආසන්නයේ පිහිටි පැරණි වාරි කර්මාන්තයට අයත් වැවකි.
• 🏞️ පිහිටීම: මිහින්තලේ, අනුරාධපුර දිස්ත්‍රික්කය
• 💧 ප්‍රධාන භාවිතය: කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම
• 🌾 විශේෂයෙන් වී වගාව සඳහා වැවෙන් ලැබෙන ජලය වැදගත් වේ.
• 🏺 මෙය ශ්‍රී ලංකාවේ පැරණි වැව් හා වාරි පද්ධතියේ වැදගත් උදාහරණයක් ලෙස සැලකේ.
• 🌳 වැව අවට පරිසරය ස්වභාවික සුන්දරත්වයෙන් යුක්ත වන අතර, වැව සහ අවට ප්‍රදේශය නැරඹීමටත් සුදුසුය.
#මහකනදරාව වැව
stroberry farm Eliya # nice place
22/08/2026
නිවන්සුව ලැබේවා ඔබතුමියට...
factory Eliya
lanka # niceplace
කදුකරයේ අසිරිය
කවුද මේ place එකට ගිහින් තියෙන්නේ?
Category
Website
Address
Colombo
10300