Nurse says

Nurse says

Share

Nurse Says👩‍⚕️
Sharing professional nursing knowledge, health awareness & patient care tips. Educating the community for a healthier tomorrow. 💙

20/07/2026

Nothing everlasting,everythying is temporary.

17/07/2026

🌿

15/07/2026

ප්ලේට්ලට් වැඩි කර ගන්න ගිහින් අක්මාවට හානි කර ගන්න එපා❗❗❗❗

සාමාන්‍යයෙන් ඩෙංගු හැදුණම අපේ ප්ලේට්ලට් ප්‍රමාණය පහළ යනවනේ,මේක අපි හැමෝම දන්න දෙයක්

ඩෙංගු වයිරසය මගින් අපේ ඇටමිඳුලු වල ක්‍රියාකාරිත්වය තාවකාලිකව අඩපණ කරන නිසායි තියෙන පට්ටිකා විනාශ කරන නිසායි තමයි මේ විදියට පට්ටිකා ප්‍රමාණය අඩු වෙන්නෙ

📌️සාමාන්‍යයෙන් පට්ටිකා ප්‍රමාණය 150-450 අතරෙනෙ තියෙන්න ඕනි

📌️අවදානම් කාලේ අඩු වෙලා යනකොට ඇඟට කෑම ටික වැටෙනකොට අපේ ශරීරය විසින්ම ස්වභාවිකවම මේ පට්ටිකා වේගයෙන් හදන්න ගන්නවා.

📌️ඔය පහල ගිය පට්ටිකා මට්ටම දවස් කීපයක් ඇතුලත හරියනවා විවේකය සහ පෝෂණය එක්ක

📌️අපේ අම්මලා තාත්තල කරන ලොකුම වැරැද්දක් තමයි බලෙන් දවසෙන් දෙකෙන් මේ පට්ටිකා වැඩි කර ගන්න යන එක

💁ඒකට රටේ නැති පැණි වර්ග,කොළ ඉස්ම,කැඳ වර්ග බොන්න පටන් ගන්නවා🫠🌿☘️🌱

ප්‍රසිද්ධම දේ තමයි ගස්ලබු කොළ යුෂ 😶‍🌫️

ගස්ලබු කොළ යුෂ වලින් පට්ටිකා ප්‍රමාණය යම්තාක් දුරකට ඉහළ යනව කියල සමහර පර්‍යේෂණ වලින් පෙන්නුම් කරල තියෙනවා

නමුත් ඒකට තව evidences ප්‍රමාණවත් මදි,තවදුරටත් ඒ ගැන දීර්ඝකාලීන අද්‍යයන අවශ්‍යයි

ඩෙංගු වයිරසයෙන් අපේ අක්මාවට ලොකු බලපෑමක් වෙනවා❗

📎එහෙම තියෙද්දි එක එක සිරප්,හර්බල්,කැඳ එක පාර ලොකු සාන්ද්‍රණයකින් ඇඟට වැටෙනකොට අක්මාවට ඒක දරා ගන්න අමාරු වෙනවා

📎අක්මා එන්සයිම වැඩි වෙනවා
අක්මාව තවත් දුර්වල වෙලා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්

📎ඊලඟ දේ එහෙම දේවල් බිව්වම සමහර රෝගීන්ට වමනය ඇති වෙනවා,තවත් අමාරුයි ඊට පස්සෙ

📌️ප්ලේට්ලට් අඩු වීම සාමාන්‍යයි,විවේකය,කාලය එක්ක ඒක ස්වභාවිකව වැඩි වෙන්න දෙන්න,ඒක රෝහලෙන් කලමණාකරණය කරාවි,බලහත්කාරයෙන් ප්ලේට්ලට් වැඩි කර ගන්න ගිහින් බොරු දේවල් වලට රැවටෙන්න එපා,වෙන ලොකු ප්‍රශ්න ඇති කර ගන්න එපා!!!

13/07/2026

මුල් දවස් වල ward එකේ casualty දවසට Admission පෝලිමක් එනකොට මං බයයි එතන ඉන්නත්🥹

එහෙන් මෙහෙන් machine හයි කරල වයර් ගොඩක් තියෙන patientලගෙ උණ බලන්න යන්නත් බයයි මං මගෙ අතින් ඒවා ගැලවෙයි කියලා☺️

පලවෙනි ලේ එක ගත්ත දවස,පලවෙනි IV එක දීපු දවස පලවෙනි කැනියුලා එක දාපු දවස අද වගේ මතකයි🫢

මිස් කෙනෙක් රවල බැලුවත් ඇස් වල කඳුලු පුරෝගත්ත මම🫡

අවුරුදු තුනක් යද්දි මමමද කියල හිතා ගන්න බැරි තරම් මං හයිය වෙලා😇

අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඉන්නකොට මම කොච්චර දුකින් හිටියත් මට කොච්චර ප්‍රශ්න තිබුණත් මට හම්බෙන කිසිම අම්මෙක්ට තාත්තෙක්ට සහෝදරයෙක්ට සහෝදරියකට අකාරුණික වෙලා නෑ,ඉස්සරහටත් නෑ💗

තව යන්න දුර ගොඩායි,අහිංසක සතුටක් තියෙන්නෙ මට මගේ අහිංසක හිත ගැන🥹💗🌸

13/07/2026

"මට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙත් නැවතිලා ඉඳලා ටිකට් කපලා ගෙදර ආවා,ලේ රිපෝර්ට්ස් ඔක්කොම නෝර්මල්,ඒත් මට වෙනදා වගේ ඇඟට කිසිම ශක්තියක් නෑ,fit එකක් නෑ,වැඩක් කර ගන්න බෑ,පුදුම මහන්සියි ඇඟට"🤒🤧

ඔයාටත් ඩෙංගු හැදුණද?
ඔයාගෙ තත්වයත් මේ වගේද?

මටත් ඩෙංගු හැදුණා,මගේ තත්වයත් මේකමයි
Bathroom එකට ගිහින් ඇඟ සෝදන් ආවත් මගෙ කකුල් දෙක වෙවුලන්න ගන්නවා,දාඩිය දාලා ක්ලාන්ත ගතියක් එන තරමට මහන්සියි.

ඇයි මේ?🤔

අපි බලමු මේකට හේතුව මොකද්ද කියල සහ කොහොමද අපි ඩෙංගු හැදිලා සුව උණාම පරිස්සම් වෙන්න ඕනි කියලා.

ඩෙංගු කියන්නෙ මේ එදිනෙදා හෙම්බිරිස්සාවත් එක හැදෙන උණ වගේ නෙවෙයි,මේ වයිරසය ඇඟ ඇතුලෙ ගුණනය වෙනකොට අපේ පද්ධති ගණනාවකට නරක විදියට බලපානවා,

❗❗❗❗❗❗❗❗ඩෙංගු හැදෙන ගොඩ දෙනෙක්ගෙ රුදිර පට්ටිකා ප්‍රමාණය වේගයෙන් පහළ යනවා,ඒක අපි හැමෝම දන්න දෙයක්
150-450(×10^)තියෙන්නෙ ඕනි පට්ටිකා ප්‍රමාණය 20ටත්(×10^) වඩා අඩු වෙනවා සමහර අයගෙ,ඊට පස්සෙ ප්ලාස්මා කාන්දු වෙන්න පටන් අරන් රුදිර පරිමාව අඩු වෙලා,අභ්‍යන්තර රුදිර වහනය වෙලා රෝගියා දරුණු මාරාන්තික තත්ව වලට යන්න පුලුවන්

❗❗❗❗❗❗❗❗

ඊළඟට අපේ අස්ථි සහ පේශි පද්දතියට සෑහෙන ලොකු බලපෑමක් වෙනවා
හැදුණ අය දන්නවා අත පය කැක්කුම කොච්චරක්ද කියලා
වයිරසය අපේ අස්ථි පේශි සන්දි වලට දරුණු විදියට පහර දෙනවා

❗❗❗❗❗❗❗❗

අපේ මොළයේ සහ ස්නායු පද්ධතියේ සයිල තාවකාලිකව ප්‍රදාහයට පත් වෙනවා,ඒකයි අපිට අදික හිසරදය,එපා වෙච්ච කලකිරුණු ස්වභාවයක් එන්නෙ,ඒ වගේ කේන්ති යන ගතිය සහ මානසික අවපීඩනයක් ඇති වෙන්නෙ

❗❗❗❗❗❗❗❗

ඊලඟට ආහාර ජීර්ණ පද්දතියට බලපෑම් ඇති වෙනවා
වමනය,ඔක්කාරය,කෑම අප්පිරියාව,බඩගින්නක් දැනෙන්නෙ නැතිකම,අක්මා එන්සයිම ඉහල යාම වගේ දේවල් ඇති වෙනවා
සමහර අයගෙ අක්මාව ඉදිමෙන්න උනත් පුලුවන්

❗❗❗❗❗❗❗❗

ඔයාගේ ලේ රිපෝර්ට්ස් අරන් බලන්න,වයිරසය ආසාදනය උනාම ඔයාගෙ සුදු රුදිරාණු ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා,සුදු රුදිරානු කියන්නෙ අපේ ඇඟ ඇතුලෙ ඉන්න ආරක්ෂකයො ටික,ඉතින් වයිරස් එක හොඳ උනත් පස්සෙ ඔයාට නිතර නිතර වෙන ආසාදන ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි

එක පාරටම අපේ ඇඟෙන් බලාපොරොත්තු නොවෙන වෙලාවක වෙන මේ ආසාදනය නිසා සහ මේ බලපෑම නිසා ශරීරය අපි නොහිතන තරම් බලපෑමකට ලක්වෙනවා,ප්ලේට්ලට් ප්‍රමාණය දවස් දෙක තුනෙන් හරි ගියාට ශරීරයට ඇති වෙච්ච මේ බලපෑම එක රැයින් හරියන්නෙ නෑ

සාමාන්‍යයෙන් බහුතරයක් දෙනෙක්ට ඇති වෙන පශ්චාත් ඩෙංගු සංකූලතා තමයි මේ,

කෙනෙක්ට මේවා සතියකින් දෙකකින් මඟෑරිලා සාමාන්‍ය තත්වයට එන්න පුලුවන්,තව කෙනෙක්ට මේවා මාස තුනක් වගේ යනකම් සහ තව කෙනෙක්ට කලාතුරකින් මාස හයක් යනකම් උනත් තියෙන්න පුලුවන්😢

🛑අදික මහන්සිය,දුර්වල ගතිය සහ තෙහෙට්ටුව

ඔයා ඩෙංගු හැදිල හොඳ වෙච්ච කෙනෙක්නම් බොහෝ විට මේ තත්වය අත්විඳිනව ඇති

🛑අත පය කොන්දෙ කැක්කුම

🛑කෑම අරුචිය,නිතර නිතර ඇති වෙන බඩේ ප්‍රශ්න,බඩගින්නක් නොදැනීම

🛑අදික ලෙස කෙස් ගැලවීයාම
මේක ගොඩක් දෙනෙක් මැසිවිලි නගන කාරණාවක්,සාමාන්‍යයෙන් ඩෙංගු හොඳ වෙලා මාසයක් වගේ යනකොට සෑහෙන්න කොණ්ඩෙ යන්න පුලුවන්
මේක තාවකාලිකයි

🛑අවදානය යොමු කිරීමේ අපහසුතාවය,මතකය දුර්වල වීම

🛑නින්ද නොයාම

🛑මානසික අවපීඩනය

🛑අදික කේන්තිය

මම දන්නවා ඩෙංගු හැදුණ කියල අපිට වැඩ නතර කරලා හොඳ විවේකයක් ගන්න හම්බෙන්නෙ නෑ,අපේ ජීවිත race එක දුවන්න වෙනවා🥹

ඒත් මේ දේවල් අනිවාර්‍යයෙන් මතක තියා ගන්න.

📌️ටිකට් කපලා ආව ගමන් බර වැඩ කරන්න යන්නෙපා,රෝහල් වල ඉඩ පහසුකම් මදි නිසා ඔයාව සම්පූර්ණයෙන් සුව වෙන්න කලින් ගෙදර යවනවා platelet count එක වැඩි වෙන්න පටන් ගත්තම

📌️පැය 6-8 නිදා ගන්න

📌️Count එක හරියනකම් ඇඳෙන් බහින්න එපා

📌️මුත්‍රා ප්‍රමාණය ගැන අවදානෙන් ඉන්න

ඔයාගෙ ශරීරයට නිදහසේ අලුත්වැඩියා වෙන්න කල් දෙන්න

📌️හොඳ පෝෂණීය ආහාර වේලක් ලබා ගන්න
ප්‍රෝටීන් වැඩියෙන් තියෙන
බිත්තර,මස්,මාලු වැඩිපුර ආහාරයට එකතු කර ගන්න

📌️ප්‍රතිශක්ති වැඩි වෙන්න ප්ලතුරු වැඩියෙන් කන්න

📌️දියර ආහාර වැඩියෙන් ගන්න
කැඳ,සුප්,ජලය ප්‍රමාණවත් ලෙස ගන්න

📌️වැඩ කරන මහන්සි වෙන ප්‍රමාණය ටික ටික වැඩි කරන්න,පොඩියට පටන් ගන්න

📌අත පය කොන්දෙ කැක්කුම් වලට ෆාමසි වලින් හිතෙන හිතෙන painkillers ගන්න එපා.NSAIDs කාණ්ඩයේ drugs වලින් ලොකු හානියක් වෙන්න පුලුවන්

📌කොන්ඩෙ හැලෙන එකට වයිද්‍ය උපදෙස් මත මල්ටිවිටමින් එකක් ගන්න පුලුවන්
මතක තියා ගන්න වයිද්‍ය උපදෙස් මත පමණයි.

මේ දේවල් වැදගත් උනාද?දැනන් හිටියද?
අලුත් දෙයක් දැනගත්ත නම් comment එකක් දාගෙන යන්න🤍

අපේ nurse says Page එකත් follow කරන් යන්න,ඕගොල්ලො හැමෝටම සුවදායී දිවියක්,ආදරෙයි💗😍

13/07/2026

ඩෙංගු හැදිල හොඳ උනත් තාමත් වැඩක් කර ගන්න අමාරු ඔයාට..🤒🤧😶

Post එක අද හවස බලාපොරොත්තු වෙන්න💗😍

12/07/2026

12/07/2026

ඔයාල හැමෝම සනීපෙන් ඉන්නවද?

මට ඩෙංගු හැදුණනේ🤒

ඩෙංගු කියන්නෙ සැහැල්ලුවට ගන්න පුලුවන් අසනීපයක් නෙවෙයි
ඒ නිසා හැමෝම පරිස්සමින් ඉන්න
ගෙදර වත්තෙ වතුර එකතු වෙන තැන් තියෙනව නම් බලල අයින් කරන්න
පොඩ්ඩක් එලියට බැහැල වත්ත වටේ රවුමක් දාලා බලන්න
වතුර පිරිච්ච ටයර්,පොල්කටු වගේ ඒවැයි විතරක් නෙවේ ඩෙංගි අක්කල බිත්තර දාන්නෙ
රඹුටන් ලෙල්ලක්,පැන්ඩෝල් කාඩ් එකක් උනත් ඇති

ඒ වගේම උණ හැදුණොත් දවස් දෙකකට වැඩියෙන් තිබ්බොත් අනිවාර්‍යයෙන් FBC(full blood count)එකක් කර ගන්න
FBC එකක් එලියෙන් කර ගන්න යන්නෙ රුපියල් 400ක් විතරයි
ඩෙංගු ඇන්ටිජන් එකක් නම් රු.1200ක් වගේ වෙනවා මං හිතන්නෙ

ඩෙංගු ගැන දැන ගන්න දේවල් තියේ නම් comment එකක් දාගෙන යන්න.

26/06/2026

මෙතනදි හිතට දැනෙන සැනසීම💫🤍

මෙතන ඉඳන් කරපු කිසිම අහිංසක ප්‍රාර්ථනාවක් වැරදුනේ නෑ

24/06/2026

ඩෙංගු❗❗❗❗❗❗❗

මේ දවස් වල වැස්සත් එක්ක ජාතික රෝහල් වල medical wards වල ඩෙංගු රෝගීන් හරි සුලබයි.
මොකද්ද මේ ඩෙංගු රෝගය කියන්නෙ🤔

ඩෙංගු කියන්නෙ වයිරසයක් මගින් බෝ වෙන රෝගයක්,
අපි හැමෝම දන්නවා ඩෙංගු ආසාදිත මදුරුවො තමයි ලෙඩේ වාහකයො විදියට ක්‍රියා කරන්නෙ,මදුරුවො කිව්වට මදුරු ගෑනු ලමයි හොඳේ 🙂‍↕️
ඩෙංගු හැදෙන හැමෝටම රෝග ලක්ෂණ පෙන්නන්නෙ නැති වෙන්න පුලුවන්,රෝග ලක්ෂණ පෙන්නන අයගෙන් වැඩි පිරිසකට සාමාන්‍ය වයිරස් උණ,ඩෙංගු උණ එහෙම නැත්නම් ඩෙංගු රක්තපාත උණ ඇති වෙන්න පුලුවන්,
ඔන්න ඔය තුන්වෙනි එක්කෙනා නම් භයානකයි⛑️🤒

ඩෙංගු වයිරසයෙන් මොකද්ද අපේ ඇඟට කරන්නෙ????🫡

📍මෙයාලා අපේ ඇඟ ඇතුලෙ ගුණනය වෙනවා.
📍ලේ අරන් යන නාල වල තියෙන සිදුරු ලොකු කරලා ප්ලාස්මාව එලියට කාන්දු කරනවා,එතකොට අත්‍යවශ්‍ය අවයව වලට ඕන කරන ලේ සැපයුම අඩු කරනවා
📍අපේ ඇටමිඳුලු වලට පහර දෙනවා,එතකොට පට්ටිකා වේගයෙන් අඩු වෙනවා
අපේ දරුවට ඩෙංගු හැදිලා ප්ලේට්ලට් 100ටත් අඩුයි එහෙම කියල අම්මල කියනව ඔයාලට ඇහිලා ඇති,ඒ ඔන්න ඔය හේතුව නිසා තමයි🫡
📍ඇඟ ඇතුලෙ ප්‍රදාහ තත්ත්වයක් ඇති කරනවා

සාමාන්‍යයෙන් ඩෙංගු වයිරසය ඇඟට ආවාම එක පාර තද උණක්,තද හිසරදය,නලල ඇස් පිටුපස වේදනාව,හන්දි මාංශ පේශි වල වේදනාව තමයි ගොඩක් වෙලාවට එන්නෙ,

හොඳ ප්‍රතිශක්තියක් තියෙන අවදානම් සාධක අඩු අයට විවේකයත් එක්ක උණ අඩු වෙලා රෝගය සුව වෙලා ගියත් සුලු පිරිසකට මේක ඩෙංගු රක්තපාත තත්වය දක්වා යන්න පුලුවන්😶‍🌫️🚫🚫🚫🚫

ඩෙංගු රක්තපාත තත්වයෙදි මොකද වෙන්නෙ🤔🤔🤔
මේකෙදි අපිට පැහැදිලිව වෙන් කරල අඳුරගන්න පුලුවන් අවදි තුනක් තියෙනවා.

1.උණ සහිත අවදිය එහෙම නැත්නම් febrile phase එක

මේ අවදියෙදි දවස් හතකට අඩුවෙන් තද උණ අඩු වැඩි වෙමින් තියෙනවා

2.අධි අවදානම් අවදිය critical phase

මේ phase එක පටන් ගන්නෙ අර තද උණ බැහැල යන්න පටන් ගන්නවත් එක්ක,
රෝහලෙදි නම් අර උණ mark කරන chart එකෙන් පහසුවෙන්ම මේක හොයා ගන්න පුලුවන්.
මෙන්න මේ දවස් දෙක තමයි අපි ඉතාම පරිස්සම් වෙන්න ඕනි,
මොකද ඔතනින් තමයි අපේ ඇඟ ඇතුලෙ තියන ප්ලාස්මා තරලය කාන්දු වෙන්න පටන් අරන් දරුණු ප්‍රශ්න ටික ඇති වෙන්නෙ,
මේ phase එක අදාල අවස්ථාවේ හඳුනා ගෙන අවශ්‍ය ප්‍රතිකාර නොකරොත් කම්පන තත්ත්වයට ගිහින් මරණය සිදු වෙන්න පුලුවන්.

ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ නතර වෙලා හිටිය කෙනෙක් නම් මතක් කරලා බලන්න 🙃🙃

පැයෙන් පැයට ඔයාගෙ blood pressure බල බල,
CRFTබල බල
(අතේ ඇඟිල්ලක් තද කරල බලන්නෙ 👀එතනට ආයෙත් ලේ පිරෙන්න තප්පර දෙකකට වඩා යනවද කියල,මොකද ඔයාගෙ තරල කාන්දු වෙන්න පටන් අර ගත්‍තම ලේ වල ප්‍රමානෙ අඩු වෙලා heart එක brain එක වකුගඩු දෙක,අක්මාව බේර ගන්න ඕනි නිසා මුලින්ම ඔයාගෙ අත් දෙකටයි කකුල් දෙකටයි blood supply එක අඩු කරල දානවා😑,ඉතින් අත පය සීතල වෙනවා),
හුස්ම ගන්න වේගෙ,නාඩි වැටෙන වේගෙ,
ඔයා පැයකට බීපු වතුර ප්‍රමානෙ,
ඔයාට ගියෙ මුත්‍රා ප්‍රමාණෙ

අහ අහ අර ටිකට් එකේ තියෙන වගු වල ලිය ලිය බලන්නෙ ඕක තමයි🫡🤍
උණ බැස යනවාත් එක්කම අපි ඉතාම අවදානයෙන් ඉන්න ඕනි තරල කාන්දු වීම පිලිබඳ ඇඟෙන් අපිට දෙන අනතුරු හැඟවීමේ signs ගැන👀👀👀

ඒ මොනවද?

🚫නොනවත්වා වමනය කිරීම
🚫බඩේ කැක්කුම
🚫තද පිපාසය
🚫අදික නිදිමත,සිහිමඳ ගතිය
🚫අදික ඔසප් රුදිර වහනය
🚫අත් පා සුදු මැලි වීම
🚫මුත්‍රා පිට වීම අවම වීම
🚫සමේ රතු පැහැ ලප

මේ තමයි ඩෙංගු කම්පන තත්වයේ ලකුනු⛑️⛑️⛑️

මේ වගේ ලක්ෂණ පෙන්නනවා නම් අනිවාර්යයෙන් රෝහලකට යා යුතුයි.

3.මේ තමයි recovery phase එක නැත්නම් සුව වෙන අවදිය

මේ කාලෙදි කෑම රුචිය වර්ධනය වෙලා,heart rate එක යතා තත්වෙට ඇවිත්,ලප සමඟ සිරුර පුරා කැසීමක් දකින්න පුලුවන්.

ඔයාට උපදෙස්

📎ඔයාට උණ හැදුනා නම් දවස් දෙකකට වඩා තියෙනවා නම් docter කෙනෙක්ගෙ උපදෙස් ලබා ගන්න
📎උණ හැදිල තුන් වෙනි දවසෙදි සම්පූර්ණ ලේ පරීක්ෂාවක් කර ගන්න
📎රෝගය කලින් හඳුනා ගැනීම වැදගත් ඒකට NS1,FBC වගේ රුදිර පරීක්ශන වයිද්‍ය උපදෙස් මත සිදු කිරීම ඉතාම වැදගත්
📎උණ හැදුනම වෙහෙස වෙන්නෙපා,පුලුවන් තරම් විවේක ගන්න
📎වැඩිපුර දියර වර්ග ආහාරයට ගන්න(කිරි,කැඳ,සුප්,පලතුරු යුශ,තැඹිලි)ආහාර රුචිය තියෙනව නම් ඝන ආහාර ගන්න
📎රෝහලෙදි නම් ඔබ බොන වතුර ප්‍රමාණය,පිට වෙන මුත්‍රා ප්‍රමාණය මනින්න වෙනවා
📎නමුත් රතු පාට දුඹුරු පාට කෑම බීම( බීට් රූට්,චොක්ලට් නෙක්ටො කොකාකෝලා)වගේ ඒවා එපා
📎මොකද එතකොට මුත්‍රා එක්ක මලපහ එක්ක ලේ ගියොත් ඒක හඳුන ගන්න බාදාවක් වෙනවා
📎වයිද්‍ය උපදෙස් මත උන සමනය සඳහා පැරසිටමෝල් විතරයී!!!!
📎Aspirin,Ibuprofen,Diclofenac Na වගේ අනෙකුත් වේදනා නාශක නිසා ඔබේ පට්ට්කා ප්‍රමාණය තවත් අඩු වෙන්න පුලුවන්

ඩෙංගු හදා ගන්නෙ නැතුව පරිස්සම් වෙන්න ඕනි විදිය ඔයා දන්නවා☺️
ඒ නිසා පරිසරය පිරිසිදුව තියා ගන්න.

මේ දේවල් ගැනත් දැනුවත් වෙලා ඉන්න⛑️⛑️⛑️🫡💌
නීරෝගී දිවියකට ආසිරි!!!


DengueAwareness

Want your business to be the top-listed Beauty Salon in Aluthgama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Aluthgama