Heart Art Creations
(Graphic Design & Fancy Items) COD නම් නෑ ❌. ඔබට අවශ්ය සේවාවන් Bank Payment ✅ සිදු කළ පසු විශ්වාසනීයව සිදු කරදෙනු ලැබේ.
09/10/2026
🚩 නොයෙක් බාධක මධ්යයේ සිත් රූ චිත්ර තරඟයේ ජයග්රාහකයින් තෝරාගැනීමේ කටයුතු ඊයේ රාත්රියේ අවසන් කර අද දිනයේ මෙලෙස ප්රකාශයට පත් කරනවා.
✨️ බලාපොරොත්තු නොවුනු ලෙස තරගයට ඉදිරිපත් වූ අති විශාල චිත්ර ප්රමාණයක් අතරින් ජයග්රාහී චිත්ර තෝරාගැනීම විශාල අභියෝගයක් වුණා.
ඔබ දැනටමත් දන්නා පරිදි ඇතිවූ ගැටලුකාරී තත්වය නිසා ජනප්රියම චිත්ර තෝරාගැනීමේ තරග අංශය නවතා දමන්නටත් අපට සිදු වුණා. 🥺
කිසිවෙකුට අසාධාරණයක් නොවන පරිදි ජයග්රාහකයින් තෝරාගැනීමේදී කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරුණා.
1) තරඟකරුවන්ගේ වයස
2) පරිකල්පන හැකියාව
3) නිර්මාණාත්මක බව
4) චිත්රවල පැහැදිලි බව
5) වර්ණ සංයෝජනය
6) වර්ණ මාධ්ය භාවිතය
7) පසුබිම් නිර්මාණය සහ එහි වර්ණ භාවිතය
8) තරඟ නීති හා උපදෙස් නිවැරදිව අනුගමනය කර තිබීම
යනාදී කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරමින් චිත්ර තෝරාගැනීම සිදු වුණා.
තරඟකාරී බව අඩු කිරීමේ පියවරක් ලෙස මෙහි 1, 2, 3 ආදී ලෙස ස්ථාන ලබාදීමක් අප සිදු කරන්නේ නැහැ. ඒ වෙනුවට සියල්ලන්ම එකම තත්වයෙන් සලකා ජයග්රාහකයින් 🚩තෝරාගෙන තිබෙනවා.
🏆️තෝරාගත් ජයග්රාහකයින් 20 දෙනාට අමතරව තවත් දක්ෂ තරුවකට විශේෂ ත්යාගයක් ලබා දෙන්නටත් අප තීරණය කර තිබෙනවා. ඔහුගේ දක්ෂතාවය ඔබට මෙම වීඩියෝවෙන්ම නැරඹිය හැකියි.
🎁 ඉදිරි දින කිහිපයේදී තරඟයට සහභාගී වූ සියල්ලන්ටම ඩිජිටල් සහතිකපත් හා ජයග්රාහකයින්ට මුද්රිත සහතිකපත් සමගින් ත්යාග ලබාදීමට අප කටයුතු කරනවා.
❤️ මෙම තරඟයට චිත්ර එවමින් තරඟය සාර්ථක කර ගැනීමට සහය වූ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් අප සමගම රැඳී සිටින ලෙස ආදරයෙන් ආරාධනා කරනවා.
06/10/2026
Likes Game: ජනප්රියතම චිත්ර තුන තේරීමේ තරගය ඉවත් කිරීමට සිදුවූයේ මෙවැනි වදන්.
ඉවසීමෙන් කියවා බලන්න.
"දරුවන්ගේ ලෝකය යහපත් වන්නේත්, ලස්සන වන්නේත්... දෙමව්පියන් තුළ පවතින ඉවසීම සහ ඔවුන් තුළ පවතින යහපත් ආකල්ප මතයි."
මෙවැනි වැඩසටහනක් සංවිධානය කළේ දරුවන් දිනවීමට සහ ඔවුන්ගේ දක්ෂතාවලට තැනක් දීමට පමණි!!! එය දෙමව්පියන්ගේ ජයග්රහණ සඳහා නොවේ. Page එක UP කර ගැනීම අපගේ අරමුණ වූවා නම්, Followers වැඩිකර ගැනීම ම අරමුණ වූවා නම්, ඒ සඳහා අපට විවිධ ක්රම තිබේ. දරුවන්ගේ ජයග්රහණ සඳහා තිලිණ ප්රදානය කිරීමට යෙදවූ මුදල් Page එකේ සංවර්ධනයට, අභිවෘද්ධියට යෙදෙව්වා නම්.... මීට වඩා Followers ප්රමාණයක් අප වටා එකතු කරගන්නට අප ආයතනයට තිබුණි.
නමුත්, එතුළින් අප බලාපොරොත්තුවන සතුට අපිට ලැබෙන්නේ නැතිබව, අපි හොදාකාරවම දන්නෙමු.
චිත්ර ඉදිරිපත් කළ කිසිඳු දරුවෙක් පෞද්ගලිකව අප දන්නේ, හඳුනන්නේ නැත. 🤗 ඒ නිසා අපට ඔවුන් සියල්ලන්ම එක හා සමානය.
අද දිනයේදී චිත්ර තරගයේ සැබෑ ජයග්රාහකයින් ඔබට දැනගත හැක. ☺️ මෙහිදී පෙනී ගිය තවත් කරුණක් වූයේ, ඇතැම් චිත්ර වැඩිහිටියන් විසින් නිර්මාණය කර ඇති බවය. එයද වංචාවකි.
❤️ දරුවන්ට, ලස්සන රටක් - ලස්සන හෙටක් නිර්මාණය කරමු.
❤️ කෙසේ හෝ දිනන්නට නොව, උත්සාහකර පරාජය වීම වංචාකර දිනනවාට වඩා ශ්රේෂ්ඨබව දරුවන්ට කියාදෙමු.
❤️ ජයපරාජය මැදින් ශක්තිමත් ජීවිතයක් ගොඩනගාගන්නට, ජයග්රහණය තුළින් තව තවත් ඉදිරියට යන්නට දරුවන්ට සහයවෙමු.
සිතුවම් තරගය සඳහා නිර්මාණ යොමු කළ ඔබ සැමට ස්තූතියි!!! ❤️
📢 ජනප්රියතම චිත්ර 3 තේරීමේ පළමු වටය අවසානයි!
සහයෝගය දැක් වූ ඔබ සැමට ස්තූතියි!
☺️❤️✨️
02/10/2026
📢 හැමෝම වගේ අහන ප්රශ්නයකට උත්තරයක්!!! 🤗
02/10/2026
ජනප්රියම චිත්ර 3 තෝරමු මුලින්ම ☺️✨️❤️
(ඔබේ දරුවාගේ චිත්රයට හැකි තාක් likes ගෙන්වා ගන්න.)
✅ පළමු වටය දැන් ක්රියාත්මකයි!!!
📌 තෑග්ගක් ලබාගන්න නම් අපේ page එක Follow කරලා තියෙන්න ඕනේ. ❤️☺️
ජයග්රාහකයින් සඳහා වටිනා තෑගි සමඟින් සහතිකපත්......
දක්ෂතාවය, වර්ණ සංකලනය මත ජයග්රාහකයින් 17ක්!!
Website
Address
12200
Alerts
Be the first to know and let us send you an email when Heart Art Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.